slc
logo
Home   |    News
ජූලි 11, 2023
සුදුසුකම් ලැබීමේ හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් 3 ක්

sinhala editor

මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතුරින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම තරගාවලිය නියෝජනය කරන ලද කණ්ඩායම් වල ක්‍රීඩකයින් අතුරින් 11 දෙනෙකු නම් කර තිබෙන අතර එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පා දඟ පන්දු යවන වනිඳු හසරංග සහ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එම ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

මෙම තරග වාරයේදී ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ශතක 2 ක් සමඟින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.5 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 417 ක්ද වනිඳු හසරංග කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.9 ක් රඳවා තබා ගනිමින් කඩුලු 22 ක්ද මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.23 ක් රඳවා ගනිමින් කඩුලු 21 ක් ද ලබා ගනිමින් එම ස්ථාන තහවුරු කර ගැනීමට සමත්ව සිටිති.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී නම් කරන ලද කණ්ඩායම

  1. පැතුම් නිස්සංක ලකුණු 417 යි
  2. වික්‍රම්ජිත් සිං (නෙදර්ලන්තය) – ලකුණු 326 යි කඩුලු 6 යි
  3. බ්‍රෙන්ඩන් මැක්මුලන් (ස්කොට්ලන්තය) – ලකුණු 364 යි කඩුලු 13 යි
  4. සෝන් විලියම්ස් (සිම්බාබ්වේ) – ලකුණු 600 යි කඩුලු 3 යි
  5. බස් ඩී ලීඩ් (නෙදර්ලන්තය) – ලකුණු 285 යි කඩුලු 15 යි
  6. සිකන්දර් රාසා (සිම්බාබ්වේ) – ලකුණු 325 යි)
  7. ස්කොට් එඩ්වර්ඩ්ස් (නෙදර්ලන්තය) – ලකුණු 314 යි
  8. වනිඳු හසරංග – කඩුලු 22 යි
  9. මහීෂ් තීක්ෂණ – කඩුලු 21 යි
  10. ක්‍රිස් සෝල් (ස්කොට්ල්නතය) – කඩුලු 11 යි
  11. රිචඩ් න්ගරාවා (සිම්බාබ්වේ) – කඩුලු 14 යි

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar