slc
logo
Home   |    News
ජූලි 26, 2023
සෞද් ශකීල් ලෝක වාර්තාවක් අභියසට

sinhala editor

By Chamila Karawita

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දින දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට පළමු ඉනිමේ වාසිය ශ්‍රී ලංකාවේ තවදුරටත් ඈතට රැගෙන යෑමට  පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා කාල සීමාවේදී ලකුණු 86 ක් එකතු කර ගැනීමට පිතිකරුවන් සමත්විය. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම ලකුනු 107 කින් පළමු ඉනිමේදී ඉදිරියට පැමිණ සිටියි.

ඒ අතරතුරදී බාබර් අසාම්ගේ කඩුල්ල පමණක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වද්දී පාකිස්තානු කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 273 ක් ලෙසින් සටහන් විය. අබ්දුල්ලා ශෆීක් ලකුණු 137 ක් සහ පළමු තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ සෞද් ශකීල් ලකුණු 32 ක් ලබා දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට පාකිස්තානු පිල රැගෙන යෑමේ අදිටනින් පන්දුවට පහර දෙමින් සිටිති.  ශකීල් අද දිනයේදී තවත් ලකුණු 17 ක් ලබා ගත හොත් පළමු ටෙස්ට් තරග 7 දී ලොව ඔ්නෑම ඉනිමක ලකුනු 50 ට වැඩිය රැස් කරන ලද ලොව පළමු පිතිකරුවාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේය.

පාකිස්තානු කණ්ඩායමේ මූලික සැලසුම වී ඇත්තේ නැවතත් දෙවැනි වරට පන්දුවට පහර දීමෙන් වැළකී සිටි පළමු ඉනිමේදී හැකිතාක් ප්‍රමාණයක් ලකුණු පුවරුවේ රැඳවීමටය. කඩුලු අත ඉතිරිව තිබුණද අද උදෑන පළමු ලකුණ ලබා ගැනීම සදහා සකීල් සහ හෆීක් පන්දු 13 ක් ඉවසිලිවන්ත වූහ.

කෙසේ වෙතත් වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුට එරෙහිව පිට පිට හතරේ පහර 2 ක් එල්ල කරමින් අබ්දුල්ලා ශෆීක් අනතුරුව යවන ලද දෙවැනි පන්දුවේදී සිය සිව්වැනි ටෙස්ට් ශතකය සපුරා ගත්තේය. මුහුණ දුන් 149 වැනි පන්දුවේදී සෆීක් එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ශතකයක් ලද දෙවැනි පාකිස්තානු ආරම්භක පිතිකරුවා බවට පත්වූවේය. ඒ වන විට ශෆීක් සිය ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් කර තිබුණේය.

අද දිනයේදී දැවී ගිය එකම පිතිකරුවා වූ බාබර් අසාම්ගේ කඩුල්ල ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගත්තේය. බාබර් අසාම් මෙම තරගාවලියේ මෙතෙක් පැවැති ඉනිම 3 දීම දැවී ගිය ජයසූරියගේ පන්දු හමුවේය. පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබා ගත් සෞද් ශකීල් අද දිනයේදී ෂෝට් ලෙග් ස්ථනායේ පන්දු රැකි නිශෘන් මදුශ්ක වෙත උඩ පන්දුවක් ලබා දුන්නද එය ඔහු අතින් ගිලිහී ගියේය. ඒ වන විට ඔහු ලකුණු 17 ක් පමණක් රැස් කරගෙන සිටියේය.

දෙවැනි දිනට වර්ෂාව හරස් වූ බැවින් එදින තරගය පන්දුවාර 10 කට පමණක් සීමා විය. එහෙත් අද තරගය ආරම්භවීමට නියමිතව තිබූ පෙ.ව. 9.45 ටම තරගය ඇරැඹිණ.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 71 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 273 යි – (අබ්දුල්ලා ශෆීක් 137*, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 39, ශාන් මසූඩ් 51, අසිත ප්‍රනාන්දු 41/2)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee