slc
logo
Home   |    News
ජූලි 2, 2023
ළහිරු කුමාරට ආබාධයක් – සහන් ආරච්චිගේ කණ්ඩායමට

sinhala editor

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු ළහිරු කුමාරට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. සුපර් සික්ස් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නෙදර්ලන්තයට එරෙහි තරගය අතරතුරදී ළහිරු මෙම ආබාධයට ගොදුරු විය.

එම තරගයේ පළමු පන්දුවාරය යොමු කිරීමෙන් පසු ළහිරු කුමාර උදරය ආශ්‍රිත ආබාධයකට ගොදුරු වුණු නමුත්, අනතුරුව ඔහු තවත් පන්දුවාරයක් යොමු කරනු ලැබීය. එම පනදුවාරයෙන් පසු ළහිරු ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිය අතර නැවත පන්දු රැකීමට හෝ ක්‍රීඩාංගණයට පැමිණීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ශාරීරික යෝග්‍යතාව යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතව තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේදී ඔහු සිය ආබාධය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වන පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.

මේ අතර ළහිරු කුමාරගෙන් හිස්වන ස්ථානය සඳහා අතිරේක ක්‍රීඩකයින් ලෙස සිම්බාබ්වේ දේශයට ගොස් සිටින තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබීය. 27 හැවිරිදි සහන් ආරච්චිගේ වමතින් පිත්ත හසුරුවන අතර දකුණතින් පිට දඟ පන්දු යවයි. පළමු පෙළ එක්දින තරග 66 කට ක්‍රීඩා කර ඇති ළහිරු ලකුණු 1454 ක් රැස් කරගෙන ඇත්තේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 29.07 ක් රදවා ගනිමිනි.

මෙවර තරගාවලිය යටතේ ආබාධයට ලක් වුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාරය. ළහිරුට ප්‍රථම වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ආබාධයකට ගොදුරු වූ අතර ඒ වෙනුවට වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක කණ්ඩායමට කැඳවනු ලැබීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපීරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ සහභාගිවන දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජුලි මස 02 වැනිදා බුලවායෝහිදී සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee