slc
logo
Home   |    News
ජූලි 10, 2023
පාකිස්තානයට එරෙහි පුහුණු තරගය සඳහා ක්‍රිකට් සභාපතිගේ පිල නම් කරයි

sinhala editor

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ‌ක්‍රිකට් කණ්ඩඩායමට එරෙහිව පැවැත්වෙන දෙදින පුහුණු තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස්ව නම් කර තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන එකම පුහුණු තරගය වන මෙම තරගය ජූලි මස 11 සහ 12 දෙදින හම්බන්‌තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්ව සිටිති. ඉන් සිව් දෙනෙකුම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයෝ වෙති.

කමිඳු මෙන්ඩිස්ට අමතරව මෙම කණ්ඩායම සදහා නම් කර ඇති නිරෝෂන් දික්වැල්ල, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා සිටින ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), නිරෝෂන් දික්වැල්ල, සඳුන් වීරක්කොඩි, නුවනිඳු පනාන්ද, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මනසිංහ, ශෂික දල්ශාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee