slc
logo
Home   |    News
ජූලි 24, 2023
ශ්‍රී ලංකා පළමු ඉනිම 166 න් නවතියි

sinhala editor

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ තේ පානයට පෙරම ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 166 කදී නවතා දැමීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු කඩුලු 4ම ලකුණු 36 ක් ඇතුළත බිද වැටී අසීරු අඩියකට වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට කිසියම් ජීවයක් ලබා දීමට පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා සමත්විය. පන්දු 118 කදී ලකුණු 85 ක් එක් කළ ධනංජය – චන්දිමාල් සම්බන්ධතාව නසීම් ෂා විසින් බිඳ දැමීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු ධනංජය ද සිල්වා ලකුණු 57 ක ලබා ගත්තේය. ඒ හැරුණ විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට සමත් වූයේ දිනේෂ් චන්දිමාල් (34) සහ රමේෂ් මෙන්ඩිස් (27) ක් පමණි. ශ්‍රී ලංකා පළමු ඉනිම බිඳ දැමීමේ පෙර ගමන් කරුවන් වූ අබ්රාර් අහමඩ් ලකුණු 54 කට කඩුලු 4 ක්ද නසීම් ෂා ලකුණු 41 කටා කඩුලු 3 ක්ද වශයෙන් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූහ.

ශ්‍රී ලංකා ඉනිම මෙතරම් අඩු ලකුණු සංක්‍යාවකට සීමා වීමට මූලිකම හේතු වූයේ දුර්වල පහර එල්ල කිරීමට යෑමය. ඒ හැරුණු විට පාකිස්තානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු රැකීමද ශ්‍රී ලංකාවේ අවාසියට හේතු වූවේය. ඔවුන් ලැබෙන සුළු අවස්ථාවෙන් වුවද පන්දු රැකීමෙන් උපරිම වාසිය තම කණ්ඩායමට ලබා දුන්නේය. මෙහිදී පන්දු යවන්නන් කඩූල 8 ක් දවා ගනිද්දී කෙළින්ම පන්දුව කඩුල්ලට එල්ල කරමින් දවා ගත් දුවද්දී දවා ගැනීම් දෙකකට ශාන් මසූඩ් දායකවිය.

පා ඉන්න පෙදෙසින් පන්දු රකින්නන් සිව් දෙනෙකු යොදවා කෙටි පන්දු වැළක් යැවූ නසීම් ෂා දිනේෂ් චන්දිමාල්ව දවා ගත්තේය. ඒ සමඟම ඉනිමේ වාර්තා වුණු සාර්ථකම සම්බන්ධතාව ලකුණු 85 දී බිඳ වැටිණ. අනතුරුව පිටියට පිවිසි සධීර සමරවික්‍රම (00) තෙවැනි වතාවටත් මෙම තරගාවලියේදී අසාර්ථක වූයේ ෂෝට් ලෙග් ස්ථානයට උඩ පන්දුවක් ලබා දීමෙනි.

පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවතාවක් බේරා ගත් ධනංජය ද සිල්වා අද දිනයේදී සිය 13 වැනි අර්ධ ශතකයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. ඩීප් මිඩ් විකට් කළාපයේ සිටි සෞද් ශකීල් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනජයගේ ඉනිම නිමාවට පත්වූවේය.

කෙසේ වෙතත් රමේෂ් මෙන්ඩිස්ට එක් වුණු ප්‍රභාත් ජයසූරිය 8 වැනි කඩුල්ල වෙනුවෙන් කිසියම් ස්ථාවරයත්වයක් ගොඩ නඟා ගෙන ඒමට සමත් වද්දී නිශාන් මදුෂ්කව දුවද්දී දවා ගැනීමකට හසු කරගත් ශාන් මසූඩ් ප්‍රභාත් ජයසූරියවද කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කරමින් දවා ගත්තේය.

පසුව රමේෂ් මෙන්ඩිස්ට එක් වුණු අසිත ප්‍රනාන්දු 9 වැනි කඩුල්ලට ලකුණු 27 ක් රැස් කළහ. මෙම ඉනිමේ  දෙවන හොඳම ස්ථාවර සම්බන්ධතාව ‌ලෙසින් සටහන් විය.

අනවශ්‍ය පහරක් එල්ල කිරීමට දරන ලද උත්සාහයේද කුසල් මෙන්ඩිස් නිකරුණේ ශහීන් ෂා අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් දී දැවී ගියේය. දැවී ගිය අනෙක් කඩුලු 3 න් 2 ක්ම නසීම් ශා විසින් දවා ගනු ලැබිය. ඇන්ජලෝමැතිව්ස් සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු පන්දු 3 ක් ඇතුළතදී දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කිරීමට දකුණත් වේග පන්දු යවන්නා සමත්වූවේය.

ශ්‍රී ලංකාවට සිව්වැනි කඩුල්ල අහිමි වන විට ලකුණු පුවරුව යන්තම් 36 ක් ලෙස සටහන් විය. අසීරුතාවය මැඩ ගනනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ලකුණු 50 රැස් කර ගැනීම සඳහා පන්දු 108 ක් වැය කළේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්ර‌ෙිඩි 44/1)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee