slc
logo
Home   |    News
අගෝස්තු 29, 2023
අන්තර් සමාජ තුන් දින ලීග් තරගාවලිය – කණ්ඩායම් 9 ක් පූර්ණ ජය වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් – බීආර්සී – බ්ලූම්ෆීල්ඩ් – බදුරලිය – පොලිස් – රාගම – එන්සීසී -කැන්ඩි කස්ටම්ස් හා කෝල්ට්ස්  යන කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ මේ සති අන්තයේ නිමාවූ තරගවලදී  වාර්තා කළහ.  එස්එස්සී හා නුගේගොඩ ක්‍රිඩා හා සුබසාධන ක්‍රිඩා සමාජය අතර තරගයේ පමණක් පළමු ඉනිමේ ජය එස්එස්සී සතුවිය.

හොරණ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිඩාංගණයේ පැවැති ඒස් කැපිටල් – සෙබස්තියනයිට්ස් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ඒස් කැපිටල් තීරණය කරමින් පළමු ඉනිමට ලකුණු 175ක් ලබාගත් අතර, සෙබස්තියනයිට්ස් පිල ලකුණු 56කට සීමා කිරීම ජයග්‍රහණයට විශාල දායකත්වයක් විය. ඒස් කැපිටල් දෙවැනි ඉනිමේදී ලකුණු 105කට දැවී ගියද පළමු ඉනිමේ ලකුණු පරතරය අනුව සෙබස්තියනයිට්ස් පිලට ජයග්‍රහණය පිණිස ලකුණු 225ක ඉලක්කයක් එල්ල විය. එහෙත් සෙබස්තියනයිට්ස් ක්‍රිඩකයෝ සියලු දෙනා ලකුණු 177කට දැවී ගියහ.

ඒස් කැපිටල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 175 (ඕවර් 52.3)පවන්ත වීරසිංහ 37, සිතාර ගිම්හාන් 21, හර්ෂ කුරේ 23, වනුජ සහන් 33, රොෂාන් ජයතිස්ස 34 (ඉසිත විජේසුන්දර 35/3, චාමිකර එදිරිසිංහ 53/3, දුෂාන් විමුක්ති 13/2)

සෙබස්තියනයිට්ස් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 56 (ඕවර් 24.4)දුෂාන් විමුක්ති 11, ඉසිවර දිසානායක 11, චාමිකර එදිරිසිංහ 12 ( සිතුම් දිසානායක 8/2, රොෂාන් ජයතිස්ස 9/6)

ඒස් කැපිටල් දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 105 (ඕවර් 28.4)රවිඳු රත්නායක 13, සිතාර ගිම්හාන් 55, හර්ෂ කුරේ 13 ( තරිඳු රත්නායක 49/6, චාමිකර එදිරිසිංහ 37/2, දුෂාන් විමුක්ති 15/2)

සෙබස්තියනයිට්ස් පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 177 (ඕවර් 50.4)අභිෂේක් ලියනාරච්චි නොදැවී 80, දුෂාන් විමුක්ති 19, චිතම්බරම් ගෞතම් 36 (  රොෂාන් ජයතිස්ස 49/6, වනිජු සහන් 61/3)

 

 

බීආර්සී පිලට ලකුණු 6 තියුණු ජයක්

කොළඹ බීආර්සී පිටියේ පැවැති කොළඹ ක්‍රිකට් සමාජය හා බීආර්සී අතර තරගයෙන් බීආර්සී පිලට ලකුණු 6ක තියුණු ජයක් හිමි විය. කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදී පළමු ඉනිමට ලකුණු 207ක් රැස්කළ අතර, කොළඹ ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලකුණු 251ක් ලබා ගත්තේය. බීආර්සී පිල දෙවැනි ඉනිමට ලකුණු 269ක් ලබාගත් හෙයින් කොළඹ ක්‍රිකට් සමාජයට ජයග්‍රහණය උදෙසා ලකුණු 226 ඉලක්කයක් එල්ල වුවද සියලු දෙනා ලකුණු 220කට දැවී ගියහ. බීආර්සී  පිලේ නායක දිල්රුවන් පෙරේරා ශතකයක් හා කඩුලු 7ක් දවාගෙන දක්ෂතා දැක්විය.

බීආර්සී පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 207 (ඕවර් 54.1)  – අභිෂෙක් රාමන් 41, දිල්රුවන් පෙරේරා 124 ( චතුරංග ද සිල්වා 44/5, අශාන් ප්‍රියංජන 49/2)

කොළඹ ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලකුණු 251 (ඕවර් 52.1)සොනාල් දිනූෂ 44, අශාන් ප්‍රියංජන 93, අන්ජල බණ්ඩාර 21, සඳුන් මෙන්ඩිස් 40 ( මොහොමඩ් සිරාස් 72/4, දිල්රුවන් පෙරේරා 86/4)

බීආර්සී පිල දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 269 (ඕවර් 66.2)රිසිර වීරසූරිය 51, මෝදිත් රණතුංග 22, දුලාජ් අශාන් 28, දිල්රුවන් පෙරේරා 24 ( විශ්ව ප්‍රනාන්දු 30/3, චතුරංග ද සිල්වා 94/2, අශාන් ප්‍රියංජන 51/3)

කොළඹ ක්රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 220 (ඕවර් 42.2)ලක්ෂාන් සඳකැන් 30, අහාන් ප්‍රියංජන 21, චතුරංග ද සිල්වා 90, සඳුන් මෙන්ඩිස් 34 (දිල්රුවන් පෙරේරා 87/3, මොහොමඩ් සිරාස් 57/3, දෙවිඳු තිලකරත්න 50/3)

 

 

බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 8 ජයක්

ටැමිල් යූනියන් හා බ්ලූම්ෆීල්ඩ් අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ටැමිල් යූනියන් පිල කඩුලු 8කින් පරාජය කිරීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත් වූවේය. කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දුවට පහරදීමට ටැමිල් යූනියන් පිලට ආරාධනා කළ අතර ජයග්‍රහණය උදෙසා තිබූ ලකුණු 180ක ඉලක්කය කඩුලු 2ක් බිදවැටී පසු කිරීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත් විය.

ටැමිල් යූනියන් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 158 (ඕවර් 44)දිලුම් සුධීර නොදැවී 32, ශිරාන් ප්‍රනාන්දු 57 ( අදීෂ තිලංචන 22/5, මනෙල්කර් ද සිල්වා 18/2, ජෙෆ්රි වැන්ඩර්සේ 29/2)

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 240 (ඕවර් 82.1)හසිත බොයෙගොඩ 30, කසුන් අබේරත්න 102, මනෙල්කර් ද සිල්වා 22, අදීෂ තිලංචන 33 ( රවිදු ප්‍රනාන්දු 49/4, දිලුම් සුධීර 43/3, ෂම්මු අශාන් 16/2)

ටැමිල් යූනියන් පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 261 (ඕවර් 48.5)නවෝද් පරණවිතාන 81, කමේෂ් නිර්මාල් 45, රොන් චන්ද්‍රගුප්ත 46 ( ළහිරු මධුසංඛ 42/2, ජෙෆ්රි වැන්ඩර්සේ 88/5, හිමේෂ් රාමනායක 16/2)

බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිමට  කඩුලු 2ක් දැවී ලකුණු  180 (ඕවර් 30)සඳුන් වීරක්කොඩි 43, හසිත බොයෙගොඩ 51, කසුන් අබේරත්න නොදැවී 68, ( රවිදු ප්‍රනාන්දු 56/1, රවීන් ද සිල්වා 38/1)

 

බදුරලිය පිලට කඩුලු 10 ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රිඩාංගණයේ නිමාවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා බදුරලිය අතර තරගයේදී බදුරලිය පිල කඩුලු 10ක පහසු ජයක් වාර්තා කළේය. බඳුරලිය පිලට ජයග්‍රහණය උදෙසා ලකුණු 7ක ඉලක්කයක් එල්ල වූ අතර එය කිසිවෙකු හෝ නොදැවී වාර්තා විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 164ක් ලබාගත් අතර, බදුරලිය පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 331කි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 173ක් වාර්තා කළ හෙයින් ජයග්‍රහණයට ලකුණු 7ක් අවශ්‍ය විය. බදුරලිය පිලේ පර්වේස් රසූල් ශතකයක් හා කඩුලු 13ක් බිදහෙලීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 164 (ඕවර් 56.1)මොවින් සුබසිංහ 61, සෙනාෂ් ප්‍රනාන්දු 32 (පර්වේස් රසූල් 75/5, චානක කොමසාරු 50/4)

බදුරලිය පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 331 (ඕවර් 93.3)විෂාර ප්‍රනාන්දු 27, අනුක් ප්‍රනාන්දු 37, පර්වේස් රසූල් 100, අලංකාර අසංක 84, නිර්මාල් රත්නායක 66 (මලිත් ද සිල්වා 85/6, මොවින් සුබසිංහ 65/2)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 173 (ඕවර් 52.2)කෙමිර විජේනායක 45, උදයවංශ පරාක්‍රම 22, ප්‍රවීන් ද සිල්වා 27, මොවින් සුබසිංහ 15, මදුසංඛ පේමරත්න21 (පර්වේස් රසූල් 85/8, චානක කොමසෝරු 53/2)

බදුරලිය පිල දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 9 (ඕවර් 1)හසිත අමරසිංහ නොදැවී 5, විශ්ව ප්‍රනාන්දු නොදැවී 4

 

පොලිස් පිලට කඩුලු 9 ජයක්

බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රිඩා සමාජය අතර තරගයෙන් පොලිස් පිල කඩුලු 9ක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනාගත් පොලිස් පිල මුලින් පන්දුවට පහරදීමට හලාවත පිලට ආරාධනා කළ අතර, පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 175ක් වාර්තා විය. පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 279ක් ගනිද්දී හලාවත මේරියන්ස් ක්‍රිකට් පිල දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 189යි. එබැවින් පොලිස් පිලට ලකුණු 86ක ඉලක්කයක් එල්ල විය. පොලිස් පිලේ මලින්ද පුෂ්පකුමාර කඩුලු 12ක් බිද හෙලීය.

හලාවත මේරියන්ස් ක්රිකට් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 175 (ඕවර් 57.2)

කසුන් විදුර 26, රවීන් යසස් 86, කවිඳු නිර්මාණ 21 (දනාල් හේමන්දන 32/2, මලින්ද පුෂ්පකුමාර 62/5, සුපුන් මධුසංඛ 31/2)

පොලිස් ක්රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 279 (ඕවර් 84.5)දනුජ ඉඳුවර 34, හේසාන් ධනුෂ්ක 142, නලීන් ප්‍රියදර්ශන 20, දනාල් හේමනන්ද 28 ( ලසිත් ලක්ෂාන් 77/7, චමෝද් සඳරූ 40/2)

හලාවත මේරියන්ස් ක්රිකට් පිල දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 189 (ඕවර් 62.5)තරිඳු අමරසිංහ 41, ලසිත් ලක්ෂාන් 20, කසුන් විදුර 45, නිනාද් කාදම් 27, කවිඳු නිර්මාණ 24 ( මලින්ද පුෂ්පකුමාර 63/7)

පොලිස් ක්රීඩා සමාජය දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 91 (ඕවර්16)චාමර සිල්වා නොදැවී 32, නදීර බාලසූරිය නොදැවී 50

 

රාගමට කඩුලු 7 ජයක්

කටුනායක නිදහස් වෙළද කලාපීය ක්‍රීඩාංගණයේ පැවැති මීගමුව ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් පිල අතර තරගයේදී රාගම පිල කඩුලු 7ක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය මීගමුව පිල දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත්තේය. රාගම පිල පළමු ඉනිමට ලකුණු 256ක් ලබා ගනිද්දී මීගමුව සමාජය දෙවැනි ඉනිම ලකුණු 202කට සීමා වූ හෙයින් රාගමට ජයග්‍රහණය උදෙසා ලකුණු 119ක ඉලක්කයක් එල්ල විය. මෙම තරගයේදී රාගම පිලේ ශෂික දුල්ෂාන් කඩුලු 11ක් බිදහෙලීය.

මීගමුව සමාජය පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 172 ( ඕවර් 55)උමේෂ් ලක්ෂාන් 74, සචිඳු කොළඹගේ 48 (ඒෂාන් මාලිංග 33/4, ශෂික දුල්ෂාන් 45/4)

රාගම පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 256 (ඕවර් 77)නිශාන් මධුෂ්ක 57, ජනිත් ලියනගේ 57, අවිශ්ක තරිදු 50, සන්තුෂ් ගුණතිලක 29 ( නිශාන් පීරිස් 100/5, උපුල් ඉන්ද්‍රසිරි 85/5)

මීගමුව සමාජය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 202 (ඕවර් 69.1)ජොහාන් ද සිල්වා 43, කවිඳු ඉරෝෂ් 26, දිමුත් සඳරුවන් 26, හිමාෂ ලියනගේ නොදැවී 58 (ශෂික දුල්ෂාන් 85/7, ඒෂාන් මාලිංග 34/2)

රාගම පිල දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 121 (ඕවර් 25.2)ළහිරු දෙවටගේ 53, සන්තුෂ් ගුණතිලක නොදැවී 33

 

එන්සීසීට කඩුලු 8 ජයක්

කොළඹ එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති එන්සීසී හා කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර තරගයේදී එන්සීසී පිල කඩුලු 8ක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනාගත් කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස්කළ අතර, එන්සීසී පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 340කදී ඉනිම අත්හිටු විය. කුරුණෑගල තරුණ පිල දෙවැනි ඉනිමට ලකුණු 190ක් රැස්කළ හෙයින් එන්සීසී පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 94ක ඉලක්කයක් එල්ල විය.

කුරුණෑගල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 243 (ඕවර් 98.5)කෝසල රවිඳු 20, දිල්හාර පොල්ගම්පොල 93, සනෝජ් දර්ශික 48, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 45 ( අසේල් සිගේරා 32/4)

එන්සීසී පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 340 (ඕවර් 65)ළහිරු උදාර 106, කවීන් බන්ඩාර 94, අහන් වික්‍රමසිංහ 39, අම්ෂි ද සිල්වා 20 ( අරවින්ද ප්‍රේමරත්න 60/2, දිලංක අවෝඩ්ට් 72/3, සචින්ත පීරිස් 58/3)

කුරුණෑගල තරුණ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 190 (ඕවර් 56.1)දිල්හාර පොල්ගම්පොල 19, සමිට් ගොහේල් 62, දමිත් පෙරේරා 50, නවීන් ප්‍රනාන්දු 27 ( ලසිත් ඇඹුල්දෙනිය 67/5, අම්ෂි දි සිල්වා 22/2, අෂේන් ඩැන්යෙල් 27/3)

එන්සීසී පිල දෙවැනි ඉනිම කඩුලු 2කට ලකුණු 99 (ඕවර් 13)නිරෝෂන් දික්වැල්ල නොදැවී 15, ළහිරු උදාර 61, කමීල් මිෂ්රා නොදැවී 18 ( චමින්ද බණ්ඩාර 35/1, නවීන් ප්‍රනාන්දු 9/1)

 

 

කැන්ඩි කස්ටම්ස් පිලට ලකුණු 58 ජයක්

කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ පැවැති පානදුර හා කැන්ඩි කස්ටම්ස් පිල අතර තරගයේදී කැන්ඩි කස්ටම්ස් පිල ලකුණු 58ක ජයක් ලැබීය. කාසියේ වාසිය දිනාගත් කැන්ඩි පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමට ලකුණු 236ක් වාර්තා කළේය. කැන්ඩි කස්ටම්ස් පිල පළමු ඉනිමට ලකුණු 503ක් රැස්කළ බැවින් පානදුර පිල පළමු ඉනිමේ ලකුණු 267ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කොට ලකුණු 209කට දැවී ගියේය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 236 (ඕවර් 65.1)සමාත් සෙත් 54, ඉන්දික ද සේරම් 61, නිමේෂ් විමුක්ති 43, කොෂාන් ධනුෂ්ක 22, රජීව් වීරසිංහ 29 ( ගයාන් සිරිසෝම 88/3, යොහාන් මැද්දගේ 55/4)

කැන්ඩි කස්ටම්ස් ක්රිකට් පිල පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 503 (ඕවර් 111.5)ඉමාල් ලියනගේ 136, මධුර මධුසංඛ 20, සහන් කෝසල 135, මිතුන් ජයවික්‍රම 67, අනුරූට් සිං නොදැවී 109 ( අසේල සම්පත් 86/2, ජනිදු ඉනුවර 83/2, නිමේෂ් විමුක්ති 192/4)

පානදුර ක්රීඩා සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 209 (ඕවර් 46.1)පවන් ද සිල්වා 31, සුකිත මනෝජ් 17, සමාත් සෙත් 102, නිමේෂ් විමුක්ති 29 (අනුරූට් සිං 23/2, ගයාන් සිරිසෝම 90/3, මිතුන් ජයවික්‍රම 53/3, යොහාන් මැද්දගේ 29/2)

 

කෝල්ට්ස් පිලට කඩුලු 3 ජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල ක්‍රිකට් පිල හා කෝල්ට්ස් අතර තරගයේදී කෝල්ට්ස් පිල කඩුලු 3ක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිලේ ආරාධනාවෙන් පිටියට පිවිසි ගාල්ල ක්‍රිකට් පිල පළමු ඉනිමට ලකුණු 242ක් රැස්කළ අතර, කෝල්ට්ස් පිල පළමු ලකුණු 195කට සීමා විය.

ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 242 ( ඕවර් 77.1)ශානුක ගලගොඩ 23, රාගව් ධවාන් 31, ඔෂධ ප්‍රනාන්දු 38, කවිඳු එදිරිවීර 37, බුද්ධීක හසරංග 55 (අකිල ධනංජය 60/4, මල්ක මධුසංඛ 36/3)

කෝල්ට්ස් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 195 (ඒවර් 57.2)සංගීත් කුරේ 95, ෂෙරාන් ෆොන්සේකා 24 ( තරූෂ් දුමින්ද 53/2, රාගව් ධවාන් 47/2, කවිඳු එදිරිවීර 12/3)

ගාල්ල ක්‍රිකට් පිල දෙවැනි ඉනිම සියලු දෙන දැවී ලකුණු 195 ( ඕවර් 81.3)ඔෂධ ප්‍රනාන්දු 34, විශ්ව විජේරත්න74, බුද්ධික හසරංග 19, කවිඳු එදිරිවීර නොදැවී 19 ( අකිල ධනංජය 58/6)

කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම කඩුලු 7කට ලකුණු 245 (ඕවර් 30.1)සංගීත් කුරේ 34, ධනංජය ලක්ෂාන් 81, ජෙහාන් ඩැනියෙල් 57, ෂෙරාන් ෆොන්සේකා 18, කවිෂ්ක අංජුල නොදැවී 19 (කවිඳු එදිරිවීර48/2)

 

එස්එස්සී පළමු ඉනිමේ ජය

මොරටු ක්‍රීඩාංගණයේ පැවැති එස්එස්සී හා නුගේගොඩ අතර තරගයේ පළමු ඉනිමේ ජය එස්එස්සී ට හිමිවිය. කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 291ක් ලබාගත් අතර, නුගේගොඩ සමාජය ලකුණු 255කට දැවී ගියේය. එස්එස්සී දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 232ක් ලබා ගත් අතර, තරගය නතර කරද්දී නුගේගොඩ පිල කඩුලු 6කට ලකුණු 163ක් ලබා තිබිණි.

එස්එස්සී පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 291 (ඕවර් 83.3)චමිදු වික්‍රමසිංහ 106, කවිඳු නදීෂාන් 19, රනුද සොමරත්න 48, සසිඳු මල්ෂාන් 45, ලක්ෂික මානසිංහ 20, නිසල තාරක 17 ( ළහිරු ගමගේ 29/3, චලන ද සිල්වා 100/6)

නුගේගොඩ ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 255 (ඕවර් 74.1) පැතුම් දිල්ෂාන් 37, දුලීක තිස්සකුට්ටි 77, තරිඳු කෞෂාල් 27, කෙවීන් පෙරේරා නොදැවී 68 ( නිම්නක ජයතිලක 52/5, ලක්ෂික මානසිංහ 75/3)

එස්එස්සී දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 232 (ඕවර් 58)නිපුන් ධනංජය 24, ක්‍රිෂාන් සංජුල 22, කවිඳු නදීෂාන් නොදැවී 109, රනුද සොමරත්න 50 (චලන ද සිල්වා 65/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee