ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (21 දා) ආරම්භ වුණු වයස අවුරුදු 17 න් පහළ නැෂනල් යූත් ක්රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ ජයග්රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ උතුරු කණ්ඩායම් සමත්වූහ.
කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද කොළඹදී ආරම්භ විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති තරගයේදී කොළඹ දකුණු පිලට ඒරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත්විය.
ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ උතුරු පිතිකරුවෝ ඉලක්කය පන්දුවාර 23.5 ක දී කඩුලු 2 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත්වූහ.
මේ අතර මුවර්ස් ක්රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායමට ඒරෙහිව ලකුණු 103 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට ලකුණු 294 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 38. 2 කදී ලකුණු 191 ක් පමණි.
මෙම තරගයේදී දෙපිළේම පිතිකරුවන් සිව් දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. ඒහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඒහි නායක කවීජ ගමගේ පන්දු 104 කදී ලකුණු 88 ක්ද වතිල උදාර පන්දු 84 කදී ලකුණු 76 ක්ද ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දර්ශික සංදීප පන්දු 51 කදී ලකුණ 52 ක් සහ විශ්ව සුපුන් පන්දු 81 කදී ලකුණු 65 ක් වශයෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
මහනුවර කණ්ඩායමට ලකුණු 103 ක ජයක්
මහනුවර පන්දුවාර 50 කදි කඩුලු 7 ට ලකුණු 294 යි – දිමන්ත මහවිතාන 25, ජනුක රත්නායක 10, ඉසුරු පන්නල 25, කවීජ ගමගේ 88, වතිල උධාර 76, ලක්වින් අබේසිංහ 45*, මලිත් මිහිරංග 86/2, නිකාෂ පෙරේරා 53/2, විරාන් චමුදිත 27/2
ගාල්ල පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 191 යි – (දර්ශක සංදීප 52, විශ්ව සුපුන් 65, විරාන් දමුදිත 24, ටෝනි ක්රේක් 37/2, සෙනුර ගිහාන් 35/2, නිසල අබේරත්න 27/2, චාරුක ඒ්කනායක 26/2
කොළඹ උතුරට කඩුලු 8 ක ජයක්
කොළඹ දකුණ පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 159 යි – තනුජ රාජපක්ෂ 46, කෙනත් ලියනගේ 37, රිවිත් ජයසූරිය 23, දුරන්ක සිල්වා 21, දිනේ සිතුමිණ 29, රමිරු පෙරේරා 36, දුලනිත් සිගේරා 38/6, කවීෂ මෙන්ඩිස් 32/2
කොළඹ උතුර පන්දුවාර 23.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 160 යි – තනුජ රාජපක්ෂ 46, කෙනත් ලියනගේ 37, දෙනුර දෙමන්සිත් 34*, රහීඩ් කරීම් 23*,