slc
logo
Home   |    News
අගෝස්තු 30, 2023
අවු. 17 න් පහළ යූත් ලීග් ශූරතාව කොළඹ උතුරට

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ ශූරතාව අපරාජිත කොළඹ උතුර පිල දිනා ගත්තේය. එන්සීසී ක්‍රීඩා පිටියේ පැවැති අවසන් මහා තරගයේදී කොළඹ උතුරු 17න් පහළ පිල විසින් මහනුවර 17න් පහළ පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 13කින් පරාජය කරමින් 17න් පහල යොවුන් ක්‍රිකට් කිරුළට හිමිකම් කීය.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට පහරදීමට මහනුවර පිලට ආරාධනා කළ අතර, එහිදී මහනුවර පිල ඕවර් 37.3කදී ලකුණු 155කට දැවී ගියේය. කොළඹ උතුරු ක්‍රීඩකයෝ ඕවර් 21ක් තුලදී කඩුල්ලක් දැවී ලකුණු 93ක් ලබා සිටියදී ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය නවතා දැමීමට සිදුවිය. ඒ වෙද්දී තරගයේ වැඩිම වාසි ලබා සිටි කොළඹ උතුරු පිලට ජයග්‍රහණය පිරිනැමීමට තරග තීරක කටයුතු කළේය.

තරගාවලිය පුරා කඩුලු 11ක් බිදහෙලූ මහනුවර පිලේ ජයවි ලියනගම හා කොළඹ උතුර පිලේ දුල්නිත් සිගේරා දක්ෂතම පන්දු යවන්නන් ලෙස සම සම්මාන දිනාගත් අතර, තරග 5කදී අර්ධ ශතකයක් සමග ලකුණු 159ක් වාර්තා කළ  මහනුවර පිලේ කවීජ ගමගේ ට දක්ෂතම පිතිකරුවා සම්මානය හා තරග 4කදී අර්ධ ශතක 3ක් සමග ලකුණු 241ක් වාර්තා කළ ගාල්ල 17න් පහල පිලේ විශ්ව සුපුන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය. අවසන් මහ තරගයේ වීරයා ලෙසින් කොළඹ උතුරු කණ්ඩායමේ සෙත්රූ ප්‍රනාන්දු සම්මාන දිනා ගත්තේය.

මෙම අවසන් මහා තරගයට පිවිසි කොළඹ උතුරු පිල තරග 4කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරගයක් විසදුමකින් තොරව නිමා කොට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි අතර, මහනුවර පිල තරග 4කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරගයක් පරාජයවී දෙවැනි ස්ථානයේ සිටියේය.

මෙම තරගාවලියේදී කොළඹ උතුරු 17න් පහළ පිල වෙතින් කොළඹ දකුණ කඩුලු 8ක්නි පරාජය වූ අතර, මහනුවර පිල ලකුණු 17කින් හා ගාල්ල කඩුලු 7කින් පරාජයට පත්විය. දඹුල්ල සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මහනුවර 17න් පහළ පිල වෙතින් ගාල්ල පිල ලකුණු 103කින් පරාජය වූ අතර, කොළඹ දකුණ කඩුලු 4කින් හා දඹුල්ල කඩුලු 7කින් පරාජයට පත්විය. කොළඹ උතුර පිල වෙතින් මහනුවර පිල ලකුණු 17කින් පරාජයට පත්විය. ගාල්ල පිල තරග 4කදී ජයග්‍රහණ දෙකක් හා පරාජ දෙකක්, කොළඹ දකුණ පිල තරග 4කදී ජයග්‍රහණයක් හා පරාජ 3ක්, දඹුල්ල පිල තරග 4කදී පරාජයක් හා විසදුමකින් තොර තරගයක් නිමා කළේය.

පළාත් 5ක් නියෝජනය කරමින් තරග වැදුණු  වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ කොළඹ දකුණ, දඹුල්ල හා ගාල්ල කණ්ඩායම් සහභාගී වූ අතර, සෑම කණ්ඩායමකට තරග 4 බැගින් ක්‍රීඩා කිරීමේ අවස්ථා උදා වුණි.

තරගාවලියේ ජය සංඛේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකාර්යය සාධන මධ්‍යස්ථාන ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒහිදි ශූරතා කුසලාන සහ අනුශූරතා කුසලාන වලට අමතරව ලබා දුන් සෑම කේවල කුසලාන සඳහා මූල්‍යමය වශයෙන් ත්‍ය්‍යග පිරිනැමිමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

මහනුවර 17න් පහළ පිල සියලු දෙනා දැවී ලකුණු 155 (ඕවර් 37.3) – ජනුක රත්නායක 31, වතිල උදාර 41, ලක්වින් අබේසිංහ 31, චාරුක ඒකනායක 12, අතිරේක 27 ( දුල්නිත් සිගේරා 18/1, කවීෂ මෙන්ඩිස් 37/2, සෙතුර ප්‍රනාන්දු 25/5, තනූග පළිහවඩන 18/1)

කොළඹ උතුර 17න් පහළ පිල කඩුලු 1කට ලකුණු 93 (ඕවර් 21) –  තනූජ රත්නායක 28, කෙනත් ලියනගේ නොදැවී 24, දෙනුර දම්සිත් නොදැවී 24, අතිරේක 17 (චාරුක ඒකනායක 18/1)

විශේෂ දක්ෂතා කුසලාන

  • අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සෙත්රූ ප්‍රනාන්දු (කොළඹ උතුර)
  • දක්ෂතම පන්දු යවන්නා – ජයවි ලියනගම (මහනුවර) සහ දුල්නිත් සිගේරා (කොළඹ උතුර)
  • දක්ෂතම පිතිකරුවා – කවීජ ගමගේ (මහනුවර)
  • තරගාවලියේ වීරයා – විශ්ව සුපුන් (ගාල්ල)

 

තරගාවලියේ වීරයා වූ විශ්ව සුපුන් සිය කුසලාන ලබා ගනිමින්

දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනා බවට පත් වුණු ජයවි ලියනගම සහ දුල්නිත් සිගේරා

දක්ෂතම පිතිකරුවා ජයවි ගමගේ

අවසන් මහ තරගයේ වීරයා වුණු සෙත්රූ ගමගේ ටිම් මැක්කැස්කිල් මහතා අතින් සම්මාන ලබා ගනිමින්.

අනුශූරතාවට පත් කැන්ඩි කණ්ඩායම

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee