slc
logo
Home   |    News
අගෝස්තු 24, 2023
කොදෙව් යෞවනයෝ ශ්‍රී ලංකාවට

sinhala editor

එක්දින තරග තුනකට හා සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී මේ 25 වැනිදා කොළඹ සීසීසී පිටියේදී පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතය.එම පුහුණු තරගයෙන් අනතුරුව ලබන 27 වැනිදා දෙරට අතර එක්දින තරගාවලිය රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන සැප්තැම්බර් මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වාත්, දෙවැනි තරගය 12 වැනිදා සිට 15 වැනිදා දක්වාත් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් හා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමක් අවසන් වරට මුණ ගැසුණේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදීය. එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත් වූහ.
තරගාවලියේ කාලසටහන මෙසේය:අගෝස්තු 25 – පුහුණු තරගය (CCC)අගෝස්තු 27 – පළමු එක්දින තරගය (දඹුල්ල)අගෝස්තු 30 – දෙවැනි එක්දින තරගය (දඹුල්ල)සැප්තැම්බර් 01 -තෙවැනි එක්දින තරගය (දඹුල්ල)සැප්තැම්බර් 5 සිට 8 – පළමු ටෙස්ට් තරගය (දඹුල්ල)සැප්තැම්බර් 12 සිට 15 – දෙවැනි ටෙස්ට් තරගය (දඹුල්ල)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar