slc
logo
Home   |    News
අගෝස්තු 25, 2023
කොළඹ උතුර අපරාජිතව ඉදිරියට යද්දී මහනුවර තෙවැනි ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ මහනුවර 17න් පහළ පිල සිය තෙවැනි ජයග්‍රහණය අද (25) වාර්තා කළේය. මෙම අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ සහභාගී වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවීමට කොළඹ උතුරු පිල සමත්ව සිටින අතර, මහනුවර කණ්ඩායම සහභාගී වූ තරග හතරෙන් තුනක් ජයග්‍රහණය කළේය.

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දඹුල්ල පිල 5කින් පරාජය කළ මහනුවර ක්‍රීඩකයෝ මේ පිට පිට වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය විය.

මහනුවර කණ්ඩායම ඊයේ (24 දා) කොළඹ දකුණ කණ්ඩායමට ඒරෙහිව එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කඩුලු 4ක ජයක් හිමිකර ගත්තේය. මෙම ලීග් තරගාවලිය ආරම්භ කරමින් පසුගිය 21 වැනිදා ගාල්ල සමග තරගයේදී ලකුණු 103ක ජයක් මහනුවර ක්‍රීඩකයෝ වාර්තා කළහ.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල 17න් පහළ පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 102ක් වාර්තා කළ අතර මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා ජය තහවුරු කර ගත්තේය. දඹුල්ල 17න් පහළ පිල අඩු ලකුණු ගණනකට සීමා කළ ජයවි ලියනගේ ලකුණු 25කට කඩුලු 6ක් හා සෙනුර ගිහාන් ලකුණු 11කට කඩුලු 4ක් බිඳහෙලා දස්කම් දැක්වූහ. කෙසේ වුවද දඹුල්ල පිලේ කඩුලු 9ක් ලකුණු 47ට දැවීගොස් තිබූ අවස්ථාවේ දමිත් අබේසිංහ හා කවීෂ ලියනාරච්චි එක්ව පන්දු 65කදී ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩනැගීම කැපී පෙණුනි.

මේ අතර කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැති කොළඹ උතුර 17න් පහළ කණ්ඩායම හා ගාල්ල 17න් පහළ කණ්ඩායම අතර තරගයේදී කොළඹ උතුර ට කඩුලු 7ක ජයක් අත්විය. කොළඹ උතුර සහභාගී වූ සියලු තරග ජයගෙන අපරාජිතව සිටීම කැපී පෙනේ.

තරගයේ කාසියේ වාසිය කොළඹ උතුර පිල දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ගාල්ල 17න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 116ක් ලබා ගත්තේය. ගාල්ල ඉනිමේ කඩුලු 9ක් ලකුණු 67කට දැවී ගොස් තිබියදී පිටියේ එක්වූ කනිෂ්ක රසාංග හා විශ්ව සුපුන් එක්ව පන්දු 67කදී ලකුණු 49ක් අවසන් කඩුල්ලට එක් කළහ.

පිළිතුරු ඉනිම හඹා ගිය කොළඹ උතුර පිල කඩුලු 3ක් දැවී ලකුණු 117ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

මහනුවරට කඩුලු 5 ක ජයක්

දඹුල්ල 17න් පහළ පිල ලකුණු 102 (ඕවර් 21.3)බුද්දිම සහන් 17, කවීෂ ලියනාරච්චි 28, දමිත් අබේසිංහ නොදැවී 33, අතිරේක 5 (ජයවි ලියනගේ 25/6, සෙනුර ගිහාන් 11/4)

මහනුවර 17න් පහළ පිල කඩුලු 5කට ලකුණු 103 (ඕවර් 24)ජනුක රත්නායක 13, කවීජ ගමගේ 44, වතිල උදාර 14,  අතිරේක   ( ජයචන්ද්‍රන් අෂ්නාත් 17/2 )

කොළඹ උතුරට කඩුලු 7ක ජයක්

ගාල්ල 17න් පහළ පිල ලකුණු 116 (ඕවර් 31.3)විශ්ව සුපුන් නොදැවී 60, කනිෂ්ක රසාංග 18 (දුල්නිත් සිගේරා 16/3, යෙනුල දෙව්සිත 13/2, කවීෂ මෙන්ඩිස් 29/3)

කොළඹ උතුර 17න් පහළ පිල කඩුලු 3කට ලකුණු 117 (ඕවර් 26.5)කෙනත් ලියනගේ 17, දෙනුර දම්සිත් 44, රහීඩ් කරීම් නොදැවී 24, සමිඳු මධුරංග නොදැවී 16 (සදෙව් ගමගේ 28/2)

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest