slc
logo
Home   |    News
අගෝස්තු 24, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට වාරණ නියෝගයක්

sinhala editor

වර්ෂ 2022 ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුවී ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයකට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත් කරනු ලැබූ විශේෂ විගණන කෙටුම්පත මාධ්‍යය මගින් එළි දරව් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විරුද්ධව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියා කරන සියලු දෙනාට ඉහත කී විගණන කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් හේෂා විතානගේ මහතා හට වාරණ නියෝගයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මහජනතාවට දන්වා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය DMR 1435/23 යටතේ මෙම අධිකරණමය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ මෙතෙක් අවසන් කර නොමැති විගණකාධිපතිවරයා විසින් සමාලෝචනය සඳහා ඉදිරිරපත් කරන ලද කෙටුම්පත් විගණන වාර්තාවක් පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අරභයා දිගින් දිගටම සිදු කරන ලද ද්වේශ සහසගත සහ අවමන් සහගත ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි.

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee