slc
logo
Home   |    News
අගෝස්තු 3, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා ඇමැතිගෙන් ‘මල් මිටක්’

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ ඉල්ලීම පරිදි පසුගිය කාලය පුරා පාසල් හා ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමට අති විශාල මුදලක් වැය කිරීමත්, නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට දැවැන්ත අනුග්‍රහයක් දැක්වීම ඇතුලු අනෙකුත් සමාජශීලී කටයුතු වෙනුවෙන් දැක්වූ දායකත්වයට ස්තූතිවන්ත වන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයා ගන්නා මුදලින් අනෙකුත් ක්‍රීඩා සවිබල ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන උනන්දුව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සතුටට පත්වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා හා භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරු ඇතුලු ක්‍රීඩා සංගම් ප්‍රධානීහූ ඉදිරියේදී ක්‍රීඩා ඇමැතිවරයා මෙලෙස ස්තූතිය පළ කළේය. මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ‘ඒ‘ හා ‘බී‘ කාණ්ඩවලට අයත් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සමග සකච්ඡාවක් අගෝස්තු 03 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහිදී  නව ක්‍රීඩා රෙගුලාසි සම්බන්ධයෙන් ඇමැතිවරයා පැහැදිලි කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයන මුදලින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීමට අවස්ථා දෙකකදී රුපියල් මිලියන 220ක මුදලක් පරිත්‍යාග කළ අතර, මුලින් රුපියල් මිලියන 100ක් හා පසුගිය වසරේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලියේ දී ප්‍රවේශපත් අලෙවියෙන් ලැබූ මුදල් රුපියල් මිලියන 120ක් එලෙස පරිත්‍යාග කළේය.

එමෙන්ම පසුගිය වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් මිලියන 22.5ක මුදලක් ලබා දීමට කටයුතු කළ අතර, ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට රුපියල් මිලියන 36ක් (එක් අයෙකුට මිලියන 2 බැගින්) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිත්‍යාග කළේය. එමෙන්ම මේ වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා නෙට්බෝල් පිලට ද රුපියල් මිලියන 50ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිරිනැමුණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කමක් දිනාගත්, දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වූ යුපුන් අබේකෝන්ට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමක් අනුව ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් (තුන් කෝටි හැට හය ලක්ෂයක පමණ) ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය පිරිනැමූ අතර, එම මුදලින් යුපුන් අබේකෝන් ඉතාලියේදී විධිමත් ලෙස පුහුණුවීම් පවත්වා ගෙන යමින් සිටී.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයා ගන්නා මුදල් ක්‍රිකට් ආයතනය අර පිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීම හේතුවෙන් රටේ ඖෂධ හිගව තිබූ අවස්ථාවක අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් (රුපියල් මිලියන 718) පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. මීට අමතරව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් “මහරගම අපේක්ෂා රෝහල ට” ඇමෙරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 316ක්) පරිත්‍යාග කෙරුණි.

 

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee