slc
logo
Home   |    News
අගෝස්තු 18, 2023
ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

sinhala editor

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන ළහිරු තිරිමාන්න සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. ඒම තීරණය සම්බන්ධව තිරිමාන්න විසින් සිදුකරන ලද දැනුම් දීම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට විසින් පිළිගෙන තිබේ.

තිරිමාන්නගේ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරදීමෙන් අනතුරුව ඒ් පිළිබඳව සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව ඔහුගේ තීරණයට ඒකඟත්වය පළ කර තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ තිරිමාන්න විසින් යොමු කරන ලද ඒම ඉල්ලා අස්වීමේ ලිපිය සදහා ඉකුත්දා පැවැති විධායක කමිටුවේ අනුමැතිය ලබා දුන් බවයි.

“තිරිමාන්නගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව සුභ පැතුම් ඒක් කිරීමට අපි මෙය අවස්ථාවක් කරගන්නා අතරම ඔහු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද සේවය ද මේ අවස්ථාවේ සිහිපත් කරනවා” යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 කට සහ ඒක්දින තරග 127 කට සහභාගිව ඇති තිරිමාන්න විස්සයි20 ජාත්‍යණ්තර තරග 26 කදීද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු සිය රට වෙනුවෙන් සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග වලදී ලකුණු 5500 ට වඩා රැස් කරගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විසස්සයි-20 ලෝක කුසලානය දිනා ගන්නා ලද 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද තිරිමාන්න කටයුතු කළේය.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee