slc
logo
Home   |    News
අගෝස්තු 21, 2023
අවු. 17 න් පහළ නැෂනල් යූත් තරගාවලියේ කැන්ඩි-කොළඹ උතුර ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (21 දා) ආරම්භ වුණු වයස අවුරුදු 17 න් පහළ නැෂනල් යූත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ උතුරු කණ්ඩායම් සමත්වූහ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද කොළඹදී ආරම්භ විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති තරගයේදී කොළඹ දකුණු පිලට ඒරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත්විය.

ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ උතුරු පිතිකරුවෝ ඉලක්කය පන්දුවාර 23.5 ක දී කඩුලු 2 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත්වූහ.

මේ අතර මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායමට ඒරෙහිව ලකුණු 103 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට ලකුණු 294 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 38. 2 කදී ලකුණු 191 ක් පමණි.

මෙම තරගයේදී දෙපිළේම පිතිකරුවන් සිව් දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. ඒහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඒහි නායක කවීජ ගමගේ පන්දු 104 කදී ලකුණු 88 ක්ද වතිල උදාර පන්දු 84 කදී ලකුණු 76 ක්ද  ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දර්ශික සංදීප පන්දු 51 කදී ලකුණ 52 ක් සහ විශ්ව සුපුන් පන්දු 81 කදී ලකුණු 65 ක් වශයෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.

මහනුවර කණ්ඩායමට ලකුණු 103 ක ජයක්

මහනුවර පන්දුවාර 50 කදි කඩුලු 7 ට ලකුණු 294 යි – දිමන්ත මහවිතාන 25, ජනුක රත්නායක 10, ඉසුරු පන්නල 25, කවීජ ගමගේ 88, වතිල උධාර 76, ලක්වින් අබේසිංහ 45*, මලිත් මිහිරංග 86/2, නිකාෂ පෙරේරා 53/2, විරාන් චමුදිත 27/2

ගාල්ල පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 191 යි – (දර්ශක සංදීප 52, විශ්ව සුපුන් 65, විරාන් දමුදිත 24, ටෝනි ක්‍රේක් 37/2, සෙනුර ගිහාන් 35/2, නිසල අබේරත්න 27/2, චාරුක ඒ්කනායක 26/2

කොළඹ උතුරට කඩුලු 8 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 159 යි – තනුජ රාජපක්ෂ 46, කෙනත් ලියනගේ 37, රිවිත් ජයසූරිය 23, දුරන්ක සිල්වා 21, දිනේ සිතුමිණ 29, රමිරු පෙරේරා 36, දුලනිත් සිගේරා 38/6, කවීෂ මෙන්ඩිස් 32/2

කොළඹ උතුර පන්දුවාර 23.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 160 යි – තනුජ රාජපක්ෂ 46, කෙනත් ලියනගේ 37, දෙනුර දෙමන්සිත් 34*, රහීඩ් කරීම් 23*,

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee