slc
logo
Home   |    News
අගෝස්තු 24, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට වාරණ නියෝගයක්

sinhala editor

වර්ෂ 2022 ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුවී ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයකට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත් කරනු ලැබූ විශේෂ විගණන කෙටුම්පත මාධ්‍යය මගින් එළි දරව් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විරුද්ධව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියා කරන සියලු දෙනාට ඉහත කී විගණන කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් හේෂා විතානගේ මහතා හට වාරණ නියෝගයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මහජනතාවට දන්වා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය DMR 1435/23 යටතේ මෙම අධිකරණමය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ මෙතෙක් අවසන් කර නොමැති විගණකාධිපතිවරයා විසින් සමාලෝචනය සඳහා ඉදිරිරපත් කරන ලද කෙටුම්පත් විගණන වාර්තාවක් පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අරභයා දිගින් දිගටම සිදු කරන ලද ද්වේශ සහසගත සහ අවමන් සහගත ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee