slc
logo
Home   |    News
අගෝස්තු 18, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලිට්ල් හාර්ට්ස්’ ගිණුමට කෝටි 10ක පරිත්‍යාගයක්

sinhala editor

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ලිට්ල් හාර්ට්ස් අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. සිව්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජය සංකේත ප්‍රධානයේදී මෙම ප්‍රධානය රෝහල් බලධාරීන් වෙත සිදුකෙරෙනු ඇත.

හෘද රෝග ඇතුළුව බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් රිජ්වේ ළමා රෝහලේ ඉදිවන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගැනීම වෙනුවෙන් ඉදිවන Cardiac and Critical Care සංකීර්ණය ගොඩ නැගීම වෙනුවෙන් මෙම මුදල් උපකාරී වනු ඇත.

මෙම ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

“දරුවන්ගේ යහ පැවැත්ම අපේ ජාතිකයට සහ එහි අනාගතයට ඉදා වැදගත් වන බව සලකන නිසා මෙම උදාර් කර්තව්‍යයේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටින ක්‍රිකට් සභාපතිවරයා, “මෙරට වගකිව යුතු සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම විටම මෙවැනි ජාතික අවශ්‍යතා සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වන අතර මෙය තවත් එවැනි උත්සාහයක්” යැයිද සඳහන් කර සිටියේය.

මේ අතර ලංකා ප්‍රිමියර් තරගාවලිය අතරතුරදී මෙම ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා දැවැන්ත ප්‍රවර්ධනයක් ලබා දීමට පියවර ගනු ලැබුවේද ජාත්‍යන්තර ප්‍රජාවගේ වැඩි අවධානයක් මෙම වැඩසටහන පිළිබඳව ලබා දීම වෙනුවෙනි.

එල්.පී.එල්. තරගාවලිය ආරම්භයට පෙර තරගයකදී එල්ල වන සෑම හයේ පහරක් සඳහා රුපියල් 6000 ක මුදුලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක්ද ලබා දෙන අතර ඊට අමතරව තරගයකදී වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට (Dot Ball) රුපියල් 2000 බැගින් පිරිනැමීමට තරගාවලි සංවිධායකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඊට අමතරව තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල අලෙවියෙන් ලැබෙන මුදලින් කොටසක්ද ලිට්ල් හාර්ට්ස් අරමුදලට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරන ලදී. ඒ් අනුව එම තරගාවලියෙන් පමණක් රුපියල් මිලියන 6.7 ක් ලිට්ල් හාර්ට්ස් අරමුදලට ලබාදෙන අතර ඉතිරි මිලියන 93.3ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීම කැපී පෙනෙයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar