slc
logo
Home   |    News
අගෝස්තු 18, 2023
ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

sinhala editor

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන ළහිරු තිරිමාන්න සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. ඒම තීරණය සම්බන්ධව තිරිමාන්න විසින් සිදුකරන ලද දැනුම් දීම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට විසින් පිළිගෙන තිබේ.

තිරිමාන්නගේ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරදීමෙන් අනතුරුව ඒ් පිළිබඳව සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව ඔහුගේ තීරණයට ඒකඟත්වය පළ කර තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ තිරිමාන්න විසින් යොමු කරන ලද ඒම ඉල්ලා අස්වීමේ ලිපිය සදහා ඉකුත්දා පැවැති විධායක කමිටුවේ අනුමැතිය ලබා දුන් බවයි.

“තිරිමාන්නගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව සුභ පැතුම් ඒක් කිරීමට අපි මෙය අවස්ථාවක් කරගන්නා අතරම ඔහු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද සේවය ද මේ අවස්ථාවේ සිහිපත් කරනවා” යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 කට සහ ඒක්දින තරග 127 කට සහභාගිව ඇති තිරිමාන්න විස්සයි20 ජාත්‍යණ්තර තරග 26 කදීද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු සිය රට වෙනුවෙන් සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග වලදී ලකුණු 5500 ට වඩා රැස් කරගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විසස්සයි-20 ලෝක කුසලානය දිනා ගන්නා ලද 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද තිරිමාන්න කටයුතු කළේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee