slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2023
එක්දින ලෝක කුසලාන බලන්න මේ තැන් වලට යන්න

sinhala editor

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා පිදෙන ලෝක කුසලාන මහජන ප්‍රදර්ශනය සඳහා මේ දින වල ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ. සැප්තැම්බර් මස 14 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රටවල් 20 ක පමණ ගෙන යෑමෙන් පසුව වේ.

පළමුව මෙරට ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසින් සැලකෙන ලෝක වෙළෙ මධ්‍යස්ථානයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා කාලය සීමාවේදී ප්‍රදර්ශනය කෙරෙන ලෝක කුසලානය ප.ව. 3.00 සිට රාත්‍රී 8.00 දක්වා One Galle Face Mall හිදී මහජනතාවට දැක බලා ගැනීම සඳහා තබා තිබේ.

සැප්තැම්බර් 15 වැනි දින ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ සහභාගිත්වයෙන් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව ලෝක කුසලානය ඉන්දියාවට ගෙන යනු ඇත.  2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ඉන්දියාවේදී ආරම්භ වේ.

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar