slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2023
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් කණ්ඩායම් නම් කෙරෙති

sinhala editor

ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමත් ඉදිරිපත් කර තිබේ.

නම් කරන ලද පිරිමි කණ්ඩායමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සොයා ගනු ලැබූ යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයකු වන විජයකාන්තා වියස්කාන්ත්ව නම් කර තිබේ. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ නම් කර ඇති කාන්තා කණ්ඩායම සුපුරුදු පරිදි චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන්නීය.

මෙම ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බබර් මස 23 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙනු ඇත.

පිරිමි කණ්ඩායම කාන්තා කණ්ඩායම
ලසිත් කෲස්පුල්ලේ චමරි අතපත්තු
ෂෙවෝන් ඩැනියල් හර්ෂිතා සමරවික්‍රම
අෂේන් බණ්ඩාර විශ්මි ගුණරත්න
සහන් ආරච්චිගේ නිලක්ෂි ද සිල්වා
අහන් වික්‍රමසිංහ කවීෂා දිල්හාරි
ළහිරු උදාර ඉමේෂා දුලානි
රවිඳු ප්‍රනාන්දු අනුෂ්කා සංජීවනී
රනිත ලියනාරච්චි ඔෂධී රණසිංහ
නුවනිඳු ප්‍රනාන්දු සුගන්ධිකා කුමාරි
සචිත ජයතිලක ඉනෝකා රණවීර
විජයකාන්තා වියස්කාන්ත් උදේශිකා ප්‍රබෝධනී
නිමේෂ් විමුක්ති හසිනි පෙරේරා
ළහිරු සමරකෝන් කෞෂානි නුත්‍යාංගනා
නුවන් තුෂාර අචිනි කුලසූරිය
ඉසිත විජේසුන්දර ඉනෝෂි ප්‍රනාන්දු

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar