slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2023
කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව පන්දු යවන්නත් සූදානම් – මැතිව්ස්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආදේශක ක්‍රීඩකයකු ලෙස තමාව පැවැරී තිබෙන රාජකාරි වන්නේ මැද පෙළ ක්‍රීඩකයකු ක්‍රීඩා කිරීම බව පවසන ඇන්ජලෝ මැතිව්ස්, එහෙත් තමන්උගේ සේවය උවමනා වන්නේ කුමන ආකාරයටද, තමා එම අභියෝගය භාර ගැනීමට සූදානම් බව සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන පස්වැනි තරගය හෙට බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (26 වැනිදා) පැවැත්වෙන අතර එම තරගයට පෙර කණ්ඩායමේ සූදානම පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී හිටපු නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මැතිව්ස්, වැඩිදුරටත් මෙසේද සදහන් කර සිටියේය. “ගොඩක් වෙලාවට අපේ ඉදිරි පෙළ පිතිකරුවන්ගේ ස්ථාවර භාවයක් තියෙනවා. ඒ අනුව කොයි ස්ථානයේදී මම පිතිකරණයේ යෙදෙන්න ඕන, නායකයා වගේම පුහුණුකරුට කොතැනද මම ක්‍රීඩා කරන්න ඕන, එතැන මම ක්‍රීඩා කරන්න ලෑස්තියි“ යැයි සඳහන් කර සිටින මැතිව්ස්, “මම හිතන්නේ මට පැවැරිලා තියෙන රාජකාරිය වන්නේ මැද පෙළ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වීමටයි. එහෙත් කණ්ඩායමට මාව උවමනා කොතැනටද මම ඒ සඳහා සූදානම්. මම කවදාවත් මගේ පෞද්ගලික දක්ෂතා හෝ වාර්තා ගැන හිතලා නෑ. කණ්ඩායමේ ජයග්‍රහණය කරන්න උවමනා ඕනෑම කාර්යයකට අත දෙන්න මම සූදානම්“ යනුවෙනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අවසන් 15 දෙනා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තමාට යළි ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි කිසි විටෙකත් අපේක්ෂා නොකළ බවද මැතිව්ස් මෙහිදී සඳහන් කර සිටියේය. එහෙත් ඕනෑම අවස්ථාවක කණ්ඩායමට තමාගේ සේවය අවශ්‍ය විටෙක ලබා දීම සඳහා හොඳ පෙර සූදානමකින් සිටි බවද මැතිව්ස් සදහන් කර සිටියේය.

“අනිත් ක්‍රීඩකයින් වගේම පසුගිය කාලය පුරාවටම මම ඉතාම කැපවීමෙන් පුහුණුවීම් වල නිරත වුණා. බැරි වෙලා හරි මට අවස්ථාවක් ලැබුනොත් මම ලෑස්තිවෙලා සිටිය යුතුයි. අවසන් 15 දෙනා තෝරා අවසන් වුණාට පස්සේ  මේ වගේ අවස්ථාවක් මට ලැබෙයි කියලා මම ඇත්තෙන්ම බලාපොරොත්තු වුණේ නෑ. එහෙත් එය මේ විදිහට සිද්ධ වුණා“ යැයිද මැතිව්ස් සදහන් කර සිටියේය.

“අවසන් කණ්ඩායම් 4 අතරට යන්න නම් අපිට ඉදිරියේ තිබෙන තරග සියල්ලම ජය ගන්න සිද්ධ වෙනවා. එය තමයි අපගේ ඉලක්කය. අපිට තවම බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට කියන්න බෑ ශ්‍රී ලංකා කණ්ඩායම නරකයි කියලා. මොකද අපි අතින් අතපසුවීම් සිදුවුනා. එම අතපසුවීම් වලින් ප්‍රථම තරග තුනේදී ප්‍රතිවාදීන් උපරිමය ලබාගත්තා. එහෙත් අවසන් තරගය ඉතාම හොඳින් ක්‍රීඩා කළා. එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශ්වාසය ඇති කළා. ඒ නිසා හෙට දිනයේදී ඒ විශ්වාසය තුළින් එංගලන්ත කණ්ඩඩායම පරාජයට පත් කිරීමට වැඩි අවස්ථාවක් තියෙනවා“ යැයි මැතිව්ස් සඳහන් කර සිටියි.

මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි මුල් යුගයේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කළද කලක් යන විට පාදයේ නිරන්තරයෙන් ඇතිවුණු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පන්දු යැවීමෙන් වැළකී සිටියේය. පිතිකරණනය පිළිබඳ පමණක් අවධානය යොමු කළ මැතිව්ස් මීට වසර 3 කට පමණ ඉහත සිට නැවතත් සිය පන්දු යැවීම ආරම්භ කළේ කණ්ඩායමට තමාගෙන් සිදුවිය යුතු වගකීම ඉටු කිරීමෙහි පරම වගකීම තමන් සතුව තිබෙන බැවිනි. ඒ අනුව තමා මෙවර තරගාවලියේදීද පන්දු යැවීමේ සූදානමකින් පසුවන බවද හිටපු ටෙස්ට් නායකයා අදහස් දක්වා සිටියේය.

“ඔව් නායකයාට මට පන්දුව දෙනාවනම් අනිවාර්යයෙන්ම මම පන්දු යවනවා. මම පන්දු යැවීමටත් සූදානම් වුනා. මම පන්දු යැව්වොත් කණ්ඩායම තේරීමේදී එය නායකයාට වාසියක් වෙනවා. මට ලබාදිය හැකි උපරිමය කණ්ඩායමට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා“ යනුවෙන් පන්දු යැවීමේ සූදානම පිළිබඳව මැතිව්ස් සදහන් කළේය.

හෙට දිනයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන එංගලන්තයට එරෙහි අභියෝගය පිළිබඳවද මැතිව්ස් අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.  “ඔව් මම හිතන්නේ මෙය වෙනස්ම තත්ත්වයක් යටතේ ක්‍රීඩා කරන්නේ. වෙනස්ම කණ්ඩායමක් සමග. විශේෂයෙන්ම ක්‍රිස් (සිල්වර්වුඩ්) දන්නවා එංලන්ත කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයින් පිළිබඳව. අපි සාකච්ඡා කළා. ප්‍රබල එංගලන්ත කන්ඩායම පරාජයට පත් කරන්න අපිට ඉතාම හොඳින් ක්‍රීඩා කරන්න වෙනවා. අපි දන්නවා ඔවුන් ඉතාම භෙයානක කණ්ඩායමක් බව. හෙට තරගය පැවැත්වෙන තණතීරුවත් හොඳින් ලකුණු තියෙන එකක්. අපිට කරට කරට තරගයක් දෙන්න සිදුවෙනවා. අපි සූදානම් ඒ අභියෝගයට“ යැයි මැතිව්ස් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee