slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2023
නැගීඑන කණ්ඩායම් අතර සිව්දින තරගය ජය පරාජයන් තොරයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (28) ජය පරාජයන් තොරව නිමාවට පත්විය. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 298ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිය. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 147ක් ලබා ලකුණු 350ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිලට ලබාදුන් අතර, එහිදී ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 69ක් ලබා සිටියදී තරගය නිමා විය. බංග්ලාදේශ නැගී එන කණ්ඩායම දෙවැනි ඉනිමේ අඩු ලකුණු ගණනකට සීමා කිරීමට ෂශික දුල්ෂාන් හා කල්හාර සේනාරත්න සමත් වූ අතර ඔවුන් දෙදෙනා කඩුලු 4 බැගින් බිදහෙලා ගත්හ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවැනි ඉනිමේදී තර්ජනයකට මුහුණදී සිටියදී නායක ෂොනාල් දිනූෂ පන්දු 29කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 27ක් ගෙන කඩුල්ලේ රැදී සිටි අතර, ෂොනාල් ඩී ලිවේරා ලකුණු 17ක් ලැබීය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පලමු ඉනිමේදී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන හා අංක 4 පිතිකරු ෂොනාල් ධනුෂ්ක ශතක රැස්කරමින් ඉනිම ගොඩනැගූ අතර, ඊයේ තෙවැනි දිනය නිමා වෙද්දී කල්හාර සේනාරත්න නොදැවී ලකුණු 12ක් හා ෂශික දිල්ෂාන් නොදැවී ලකුණු 5ක් ලබා සිටියහ.

නවෝද් පරණවිතාන පන්දු 188කදී හතරේ පහර 18ක් එල්ල කරමින් ලකුණු 136ක් ලබාගත් අතර, ෂොනාල් දිනූෂ පන්දු 172කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමග ලකුණු 106ක් වාර්තා කළේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට පන්දු 295කදී ලකුණු 223ක අනගි සබඳතාවක් ගොඩ නැගුණි. නවෝද් හා ෂොනාල් හැරුණුකොට අහන් වික්‍රමසිංහ ලකුණු 23ක් ලබාගත් අතර, අනෙක් දැවීගිය පිතිකරුවන් සිව් දෙනකුම ලකුණු 5ට අඩුවෙන් දැවී ගියහ.

බංග්ලාදේශ නැගීඑන පිල වෙනුවෙන් අයිච් මොල්ලා පන්දු 299කදී හතරේ පහර 19ක් සමඟ ලකුණු 147ක් ලැබූ අතර, මහමුදුල් හසන් ජෝයි පන්දු 86කදීි ලකුණු 66ක්, සහදට් හොසේන් පන්දු 156කදී හයේ 2ක් හා හතරේ 6ක් සමඟ ලකුණු 93ක් හා ප්‍රිටොම් කුමාර් පන්දු 61කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 69ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නැගී එන පිලේ ඒෂාන් මාලිංග කඩුලු 5ක් හා නිපුන් ප්‍රේමරත්න කඩුලු 2ක් බිඳ හෙලූහ.

කාසියේ වාසිය තමන් සතු කරගත් බංග්ලාදේශ නැගීඑන නායක මහමුදුල් හසන් ජෝයි පළමුව පන්දුවට පහර දීමට තීරණය අතර, අයිච් මොල්ලා හා මහමුදුල් හසන් අතර දෙවැනි කඩුල්ලට පන්දු 181කදී ලකුණු 120ක් හා අයිච් මොල්ලා හා සහදට් හොසේන් අතර තෙවැනි කඩුල්ලට පන්දු 273කදී ලකුණු 150ක සම්බන්ධතාවක් ගොඩනැගුණි.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 501යි (126.3) – අයිච් මොල්ලා 147, මහමුදුල් හසන් ජෝයි 66, සහදට් හොසේන් 93, නව්රෝස් නබිල් 41, ප්‍රිටොම් කුමාර් 69, ( ඒෂාන් මාලිංග 106/5, නිපුන් ප්‍රේමරත්න 84/2, කල්හාර සේනාරත්න 124/1, ශෂික දුල්ෂාන් 92/1

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 298යි (72) – නවෝද් පරණවිතාන 136, ෂොනාල් දිනූෂ 106, අහන් වික්‍රමසිංහ 23, ( හසන් මුරාඩ් 55/2

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම දෙවැනි කඩුලු 9කට ලකුණු 147යි (37.2) – අයිච් මොල්ලා 24, මහමුදුල් හසන් ජෝයි 39,  ප්‍රිටොම් කුමාර් 20, අහමඩ් ෂරීෆ් 16, රිපොන් මොන්ඩෝල් 22,  ෂශික දුල්ෂාන් 40/4, කල්හාර සේනාරත්න 43/

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 69යි (20) – නවෝද් පරණවිතාන 12, ෂොනාල් දිනූෂ නොදැවී 27, ෂොහාන් ඩී ලිවේරා 17 රිපොන් මොන්ඩෝල් 10/2, හසන් මුරාඩ් 24/2

Active filters

Recent Posts

  • සිංහ – කිවි ප්‍රවේශපත්‍ර ගන්න මේ විදිහට කරන්න
    නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා […]
  • නාවික හමුදාවෙන් අර්ධ ශතක 3 ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව […]
  • ජාතික කණ්ඩායම්වලට උත්සව ඇඳුම් ‘සිග්නේචර්‘ වෙතින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර […]
  • වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි
    වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය […]
  • ශ්‍රී ලංකාව හොංකොං සික්සස් අවසන් වටයට
    හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (2)පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3) පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව හෙට දෙවැනි […]

Pin It on Pinterest

USD United States (US) dollar