slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2023
බංග්ලාදේශ නැගීඑන පිලට එරෙහි ශ්‍රී ලංකා නැගීඑන සංචිත නම් කරයි

sinhala editor

සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කණ්ඩායමේ නැගිඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එක්දින සහ සිව්දින තරගාවලි වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් දෙකක් නම් කර තිබීම කැපි පෙනෙන සිදුවීමක් වේ.

මෙහිදී පළමුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද එක්දින සංචිතයේ නායකත්වය අහන් වික්‍රමසිංහට ලබා දී තිබෙන අතර සිව්දින තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකම සොනාල් දිනූෂට පවරා තිබේ.

දෙරරට අතර තරගාවලිය ඔක්තෝම්බර් මස 17 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භ වන අතර එම තරග 3 න් අනතුරුව සිව්දින තරගාවලිිය ආරම්භ වනු ඇත. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගනයෙන්දී පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම – ෂෙවෝන් ඩැනියල්, සොහාන් ද ලිවේරා, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ (නායක), මොහොමඩ් ශමාස්, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, චමිඳු විජේසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, අෂේයින් ඩැනියල්, චාමික ගුණසේකර, එෂාන් මාලිංග, වනුජ සහන්, නිපුන ප්‍රේමරත්න.

සිව්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – අභිෂේක් ලියනාරච්චි, නවෝද් පරණවිතාන, පවන් රත්නායක, සොහාන් ද ලිවේරා, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ (නායක), චමිදු විජේසිංහ(පළමු සිවුදින තරගය සඳහා), සකුන ලියනගේ, ශෂික දුල්ශාන්, කවිඳු නදීෂාන්, කල්හාර සේනාරත්න, චාමික ගුණසේකර, එෂාන් මාලිංග, නිපුන් ප්‍රේමරත්න, ටී. විතූසාන්, චමිඳු වික්‍රමසිංහ. (දෙවැනි සිව්දින තරගය සදහා)

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee