slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2023
බංග්ලාදේශ නැගීඑන පිල කඩුලු 7 ට ලකුණු 472 යි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තරගය නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 500 සීමාව ආසන්නයට පැමිණිමට සමත්ව සිටියහ. දිනය අවසන් වන විට බංග්ලාදේශ නැගීඑන ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 7 කට ලකුණු 472 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

බංග්ලාදේශ නැගීඑන පිලේ කොඳු නාරටිය වූ ආරම්භක පිතිකරු ආයිච් මොල්ලා ලකුණු 147 ක් ලබා ගනිමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාව ගොඩනැගීමේ පුරෝගාමියා බවට පත්වුයේ. පන්දු 299 ක් ඒ සදහා වැය කළ මොල්ලා ඊට හතරේ පහර 19 ක්ද එල්ල කළේය. ඉනිමේ සිව්වැනි පිතිකරුවා ලෙසින් මොල්ලා දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 374 ක් ලෙසින් සටහන්ව තිබිණ.

මහමුදුල් හසන් ජෝයි අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වූවේය. ලකුණු 66 ක ලබා සිටියදී නිපුන් මාලිංගගේ පන්දුවක් හමුවේ හසන් ජෝයි පිටියෙන් ඉවත්ව ගියද මොල්ලාට එක් වුණු ශහාදාත් හොසේන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 ක් එක් කිරීමට දායකත්වය දැක්වීය. හොසේන් සහ මොල්ලා දෙදෙනාම ලකුණු 28ක් ඇතුළත දැවී ගියද පසු පෙළින් පැමිණි ප්‍රිෙටාම් කුමාර් පන්දු 47 කදී ලකුණු 44 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියි. ඉදිරි පෙළ පිතිකරුවන් මෙන්ම මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ද ලකුණු අතරට පිවස සිටියහ. පන්දු යැවීමේදී එෂාන් මාලිංග ලකුණු 97 කට කඩුලු 3 ක් බිද හෙළද්දී එෂාන් මාලිංග කඩුලු 2 ක් බිඳ හෙළුවේය. හෙට තරගයේ තෙවැනි දිනයයි.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම කඩුලු 7 ට ලකුණු 472 යි – (අයිච් මොල්ලා 147, නව්රෝස් නබිල් 41, මහමුදුල් හසන් ජෝයි 66, ශහාදාත් හොසේන් 93, අබ්දුල් අල් පමුන් 26, ප්‍රිෙටාම් කුමාර් 44*, අහමඩ් ශරීෆ් 10, හසන් මුරාද් 21, එෂාන් මාලිංග 97/3, නිපුන් ප්‍රේමරත්න 84/2, කල්හාර සේනාරත්න 124/1, ශෂික දුල්ශාන් 72/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar