slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2023
මතීෂගේ ස්ථානය ඇන්ජලෝ මැතිව්ස්ට

sinhala editor

උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝමැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂනික කමිටුව වෙතින් සිදුකරන ලද ප්‍රතිචාරයටද යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බැවින් ලබන බ්‍රහස්පතින්දා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය සදහා වන තේරීම් වලදී මැතිව්ස්ව සලකා බැලීමේ අවස්ථාව කණ්ඩායම් කලමනාකාරීත්වයට හිමිව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 221 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස්ව ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රතිස්ථාපන ක්‍රීඩකයා ලෙස ආදේශ කිරීම සඳහා අයි.සී.සී. තාක්ෂණික කමිටුවේ අනුමැතිය අත්‍යවශ්‍ය වේ.

මතීෂට පෙර කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට ලක්වීමත් සමග ඔහු වෙනුවට කණ්ඩායම සමග රැඳී සිටි චාමික කරුණාරත්නව ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කිරීමට තේරීම් වලදී පියවර ගනු ලැබීය. ඒ අනුව මූලික සංචිතයට චාමිකට පසුව කණ්ඩායමට පැමිණි දෙවැනි ක්‍රීඩකයා වන්නේද ඇන්ජලෝ මැතිව්ස් වේ.

දසුන් ආබාධ්‍යකට ලක්වීමත් සමඟම ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරව වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවට ගෙන්වා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගනු ලැබීය. ඒ අනුව ඔවුන් දෙපළ ඉකුත් නොවැම්බර් මස 20 වැනිදා ඉන්දියාවට පැමිණියහ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී හේමන්ග් අමීන්, එම  මෙහෙයුම් අංශ සාමාන්‍යාධිකාරී ගරුව් සක්සේනා, විස්තර විචාරකයින් වන රසල් ආනල්ඩ් සහ සයිමන් ඩූල් යන මහත්වරු එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයෝ වෙති.

මේ අතර නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී දකුණු පාදයේ වේදනාවකට ලක්ව සිටි දඟ පන්දු යවන මහීෂ් තීික්ෂණ මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටියි. ඔහුගේ ආබාධය පිළිබඳව සිදුකරන ලද එම්.ආර්. අයි. ස්කෑන් පරීක්ෂනයට අනුව ඔහුගේ තත්ත්වය එතරම් බැරෑරුම් නොවන බව පෙන්නුම් කිරීමත් සමඟ ඔහු අද චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිිදුකරන ලද පුහුණුවීම වලටද සහභාගිව සිටියේය.

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee