slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2023
මැතිව්ස් – චමීර ඉන්දියාවට

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර හෙට දින ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දැනට සිටින සංචිතයේ සාමාජිකයකු ආබාධයකට ලක්වීම වැනි අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් කණ්ඩායමට ආදේශකයින් සූදානම් කිරීමේ අරමුණිනි.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය නෙදර්ලන්තයට එරෙහිව ඔක්තෝබර් 21 වැනිදා ලක්නව් භාරත් රත්න ශ්‍රී අතාල් බිහාරි වජ්පායි එකානා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest