slc
logo
Home   |    News
ඔක්තෝබර් 27, 2023
විනයගරුක පන්දු යැවීම ජයග්‍රහණයේ මාවතයි – මහීෂ් තීක්ෂණ

sinhala editor

එංගලන්තයට එරෙහි තරගයේදී සියලු පන්දු  යවන්නන් විනය ගරුක ලෙස පන්දු යැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාදක වූ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. ආරම්භක ඕවර හතර පහේදී නිසි ඉලක්කයට පන්දු යොමු නොකිරීම හේතුවෙන් ලකුණු කිහිපයක් ප්‍රතිවාදීන් ලබා ගත්තද, ඇන්ජලෝ මැතිව්ස් පන්දුව අතට ගත් පසු ඔහුගේ අත්දැකීම් උපයෝගී කරගෙන ප්‍රතිවදීන් යම් දුරකට මර්ධනය කිරීමට හැකිවූ බව තීක්ෂණ සඳහන් කළේය.

බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තීක්ෂණ මේ බව පැවැසීය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය මුලින් පන්දුවට පහරදී ඕවර් 33.2කදී ලකුණු 156ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 146ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබා ජය තහවුරු  කළහ.

“කලින් තරගවලට වඩා අපේ විනයගරුක පන්දු යැවීම නැවත ඇති කර ගන්න එංගලන්තයට එරෙහි තරගයේදී පුළුවන් වුණා. ඇන්ජලෝගේ සාර්ථකත්වය සමඟම අනෙක් අන්තයෙන් පන්දු යැවූ ළහිරු කඩුලු ලබා ගත්තා. අපගේ ප්‍රබල පන්දු යැවීම තුලින් ප්‍රතිවාදී කණ්ඩායම ආරක්ෂාකාරී වෙනවාට වඩා විකල්පයක් තිබුණේ නෑ. ඔවුන් ඉදිරියට පැමිණ පන්දුවට පහරදීම ඒ තත්ත්වය තුල වැළකුණා. ඔවුන්ට හයේ සහ හතරේ පහරවල් එල්ල කිරීමට ඉඩක් ලැබුණේ නෑ. ඒ අතරේ අපිට කඩුලු ගන්න අවස්ථා උදා වුණා“ තීක්ෂණ පැවැසීය.

“බැංගලෝර් ක්‍රීඩාංගණයේදී මම අයිපීඑල් තරගයක් ක්‍රීඩා කරලා තියෙනවා, තණතීරුව එදාට වඩා ටිකක් වෙනස්. පොඩි දඟ කැවීමක් තිබුණා වගේම පොඩි වේගයක් සහ ඉපිලී එන ගතියක් තිබුණා. අයිපීඑල් තරගයේ තිබුණේ පැතලි තණතීරුවකි. එම තණතීරුවේ ලකුණු රැස් කිරීම ඇත්තෙන්ම පහසු වුණා. මෙම තරගයේ දී ලකුණු රැස් කිරීම දුෂ්කර වූ බව මම අදහස් කරන්නේ නෑ. අපි කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා. තරගය පුරාවටම අපි වේගය රැකගත් නිසා අපගේ ජයග්‍රහණය පහසු වුණා“

“මැතිව්ස්ගේ එක්වීම කණ්ඩායමක් ලෙස සතුටු විය යුතුයි. ඔහු ඉතාමත් පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔහු ඉන්දියාවේ ක්‍රීඩා කර තියෙනවා. අපට ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති නිසා ඔහු අපට සම්පතක් කියන්න පුලුවන්. අපි පන්දු යවන විටත් ඔහුගේ අත්දැකීම් තරගයේදී යොදා ගත්තා. මේ වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඉන්න එක ගැන සතුටු වෙනවා“

“එංගලන්තයට එරෙහි එකම නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස එක්වීම පීඩනයක් ලෙස සලකන්නේ නැහැ. කණ්ඩායම මා කෙරෙහි විශ්වාසය තැබූ අවස්ථාවක් ලෙසයි මම එය දකින්නේ. තණතිල්ලේ තත්ත්වය, අපේ ක්‍රීඩාවේ ඉතිහාසය සලකා බැලීමේදී අපි එක් දඟ පන්දු යවන්නෙකු පමණක් යොදාගෙන සාර්ථක වී තිබෙනවා. මම අනෙක් අන්තයේ පන්දු යවන්නා සමඟ අවබෝධයක් ඇති කර ගැනීමට උත්සාහ කළා“

“අපි මේ වෙනකොට තරග දෙකක් දිනලා තියෙන නිසා කණ්ඩායමක් විදියට අපේ විශ්වාසය ගොඩක් වැඩිවෙලා. ඒ වගේම එංගලන්තයට එරෙහි තරගය ජය ගැනීම අපට ඉතාමත් සතුටුදායක ජයක්. කණ්ඩායමක් ලෙස ඉදිරි තරග හතරේදී හොඳින් ක්‍රීඩා කර අවසන් පූර්ව වටයට පැමිණීමට බලාපොරොත්තු වෙනවා“ තීක්ෂණ පැවැසීය.

“අපගේ පන්දු රැකීමේ අංශයේ ඉහළ ප්‍රමිතියක් පවත්වා ගැනීමේ වැදගත්කම අපි නිරන්තරයෙන් අවධාරණය කර තිබෙනවා. පසුගිය තරග කිහිපයකදීම අපේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට හැකි වන ආකාරයේ වැරදි සිදු කළා. කොහොම වුණත් මේ තරගයේදී අපි කඩුලු දෙක තුනක් දවා ගන්නට සමත් වීම නිසා අපි වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත් වුණා. ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට අපි දැඩි උත්සාහයක් ගත්තා. පන්දු රැකීම හොද තත්ත්වයක තිබුණා. ඒ වගේම පන්දු යැවීම හා පන්දුවට පහරදිම යන අංශ සියල්ල හොදින් සිදුවුණා“

පළමු තරග හතරේ මැද ඕවරවල අපි හොඳින් පන්දු යැව්වේ නැති නිසා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. නෙදර්ලන්තයට එරෙහි තරගයේදී අපි අලුත් පන්දුවෙන් හොඳින් පන්දු යැව්වා. මම හිතන්නේ අපේ පන්දු යැවීම නිසා තරග තුනක් පැරදුණා. පන්දු යැවීමේ වැඩි විනයක් ලබා ගැනීම සඳහා පුහුණු සැසි කිහිපයක් කළා. සියලුම වේග පන්දු යවන්නන් තරගයට පෙර දිනයේ වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒනිසා දැන් සාර්ථක ගමන් මඟකට පිවිස තිබෙනවා“ යැයි තික්ෂණ පැවැසීය.

එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයත් සමග තරග 5කට සහභාගීවී තරග 4ක් පරාජයවී ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා පහළ ගිය අතර, ශ්‍රී ලංකාව තරග 5කින් තරග දෙකක් දිනා ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee