slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2023
වේදනාව අතරින් පවන් ශ්‍රී ලංකා නැගීඑන පිලට තරගාවලි ජය ගෙනෙයි

sinhala editor

බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අද (22 දා) පැවැති තරගයෙන් කඩුල 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය වාර්තා කර ගැනීමට සමත්වූවේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 223 කට සීමා කිරීමට චමිඳු වික්‍රමසිංහ සහ අෂේයින් ඩැනියල් ප්‍රමුඛ ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී දැවී ගිය කඩුලු 10 න් කඩුලු 6 ක් චමිඳු සහ අෂේයින් ඩැනියල් අතර බෙදී ගියහ. ඊට අමතරව අනෙක් කඩුලු 4 නිපුන් ප්‍රේමරත්න සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුුල 2 බැගින් දවා ගත්හ.

බංග්ලාදේශ නැගීඑන පිල වෙනුවෙන් ශහාදාත් හොසේන් පන්දු 75 කදී ලකුණු 79 ක් ලබා ගත් නමුත් සෙසසු එකම පිතිකරුවකු ලකුනු 40 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවන් අතරින් ප්‍රමුඛත්වය ගත් පවත් රත්නායක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වැඩි වගකීමක් කරට ගත්තේය. අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි පවන් පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් වේගවත් ලකුණු 85 ක් ලබා ගත්තේය. ඊට අමතරව නවෝද් පරණවිතාන පන්දු 57 කදී ලකුණු 47 ක් ලබා ගනිමින් ඉනිමේ දෙවැනියට වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්වූවේය. පවන් අද දිනයේ තරගයට ක්‍රීඩා කරන ලද්දේ සිය පියාණන් අවසන් ගමන් ගොස් තිබියදී වීම විශේෂත්වකි. අද තරගයෙන් අනතුරුව පවන් තම පියාණන්ගේ සිය අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට නියමිත අතර අනතුරුව දෙරට අතර පැවැත්වෙන සිව්දින තරගාවලියේදී යළිත් කණ්ඩායම සමග එකතු වනු ඇත.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 47 කදී සියලු දෙනා දැවී ලකුණු 223 යි – (පර්වේස් එමොන් 32, ප්‍රිටම් කුමාර් 35, හසන් ජෝයි 37, ශහාදාත් හොසේන් 79, අහමඩ් ශරිෆ් 11*, චමිඳු වික්‍රමසිංහ 35/3, අෂේයින් ඩැනියෙල් 25/3, නිපුන් ප්‍රේමරත්න 39/2, විජයකාන්ත් වියස්කාන්ති 41/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 31.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 224 යි – (පවන් රත්නායක 85, ෂෙවෝන් ඩැනියල් 27, අහන් වික්‍රමසිංහ 30, සොනාල් දිනූෂ 18*, ෂෙවෝන් ඩැනියල් 27, නවෝද් පරණවිතාන 47, රිපොන් මොන්ඩොල් 43/3, රිෂාඩ් හොසේන් 41/2)

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee