slc
logo
Home   |    News
ඔක්තෝබර් 13, 2023
‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ වැඩසටහනට ඉන්දු-ශ්‍රී ලංකා තරගය ‘නිල්‘ පැහැ ගැන්වෙයි

sinhala editor

ඉන්දියාවේ පැවැත්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් සිදුකරගෙන යනු ලබන ‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ යන ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. ඒ අනුව තරගය පැවැත්වීමට නියමිත මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණය එදිනදී සම්පුර්ණයෙන්ම නිල් පැහැයෙන් යුක්ත වනු ඇත.

ලොව  පුරා ජීවත්වන සෑම දරුවකුටම වඩා හොඳ ලෝකයක් ගොඩනැගීමට මෙන්ම පිරිමි ළමයින් මෙන්ම ගැහැළු ළමයින්ටද එක හා සමාන අවස්ථා නිර්මාණය කර දෙමින් ජීවත්වීමට සහ දියුණු වීමට සහයෝගය ලබා දීම, “ළමුන් වෙනුවෙන් දිනයක්“ (One Day 4 Children) ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. ඒ අනුව ලොව පුරා ජීවත්වන සියලුම දරුවන්ට සමානව සැළකීම සංඛේතවත් කරමින් සිදුකෙරෙන මෙම මහඟු කාර්යය සදහා තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ටද නිල් පැහැති එල්.ඊ.ඩී. අත් පළඳනාවක් ලබාදීමත්, දෙවැනි ඉනිම අතරතුරදී ක්‍රීඩාංගණය පුරා නිල් පැහැති ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටත් විධිවිධාන යොදා තිබේ.

“ළමුන් වෙනුවෙන් දිනයක්“ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ සහ අන්තර්ජාතික ක්‍රිකට් සබාවේ තානාපතිවරුන් ලෙසින් කටයුතු කරන සචින් ටෙන්ඩුල්කාර් සහ මුත්තයියා මුරලිදරන් යන මහත්වරුද මෙම අවස්ථාවට දෙරටේ ක්‍රීඩකයින් සමඟින් එකතු වනු ඇත.

මෙදිනදී එකතු වන අරමුදල් ලොව පුරා සෑම දරුවකුටම සමාන අවස්ථා ලබාදීම අරමුණු කරගත් යුනිසෙෆ් සංවිධානයේ ඉදිරි කටයුතු සඳහා යොදා ගැනෙනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල විකාශන අයිතිය හිමි ස්ටාර් ස්පෝර්ට්ස් නාළිකාව විසින් මෙම අවස්ථාව ලොව පුරා රූපවාහිී ප්‍රේක්ෂකයින් අතරට රැගෙන යනු ඇත. එහිදී විවිධ වාණිජ මට්ටම්වල පසුවන හවුල්කරුවන් විසින් තරගය අතරතුර සිදුකරනු ලබන පරිත්‍යාග සමගින් මෙම අවස්ථාවට සහාය දක්වනු ඇත.

මෙදින සිදුකරන වැඩසටහනට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමක් සමඟම එක්ව තරග  පැවැත්වෙන ක්‍රීඩාංගණ 10 දීම ළමුන් සඳහා වැඩසටහන් පැවැත්වීමට අන්තර්ජාති ක්‍රිකට් සභාවසහ යුනිසෙෆ් සංවිධානය කටයුතු යොදා තිබේ. මෙහිදී ළමුන් කැමැති ඔවුනගේ ක්‍රිකට් වීරයින් සමඟ එක්ව පිත්තක් සහ පන්දුවක් අතට ගෙන ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ඔවුනට උදාවනු ඇත.

මෙම උදාරතර කටයුත්තට දායකත්වය දැක්වීමට කැමැති ක්‍රීඩා ලෝලීන්ට මෙම අවස්ථාව සමඟ එක්වෙමින්. help.unicef.org වෙබ් අඩෙවිය වෙත පිවිස පරිත්‍යාග කළ හැකි අතර එම පරිත්‍යාග ඇමරිකානු ඩොලර් 2 ක් වැනි සුලු මුදලකින් ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee