slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2023
ළහිරු කුමාරත් ආබාධිත ලැයිස්තුවට

sinhala editor

එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබේ.
එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂනික කමිටුව වෙතින් සිදුකරන ලද ප්‍රතිචාරයටද යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බැවින් ලබන සඳුදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය සදහා වන තේරීම් වලදී චමීරව සලකා බැලීමේ අවස්ථාව කණ්ඩායම් කලමනාකාරීත්වයට හිමිව තිබේ.
දසුන් ආබාධයකට ලක්වීමත් සමඟම ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරව වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවට ගෙන්වා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගනු ලැබීය. ඒ අනුව ඔවුන් දෙපළ ඉකුත් නොවැම්බර් මස 20 වැනිදා ඉන්දියාවට පැමිණියහ.අ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී හේමන්ග් අමීන්, එම  මෙහෙයුම් අංශ සාමාන්‍යාධිකාරී ගරුව් සක්සේනා, විස්තර විචාරකයින් වන රසල් ආනල්ඩ් සහ සයිමන් ඩූල් යන මහත්වරු එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයෝ වෙති.ඒ

අනුව මෙවර ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ තෙවැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාර වන අතර ඔහුට පෙර දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධවලට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වූහ. ඔවුන් දෙදෙනා වෙනුවට චාමික කරුණාරත්න සම ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටිති.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee