slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2023
මතීෂගේ ස්ථානය ඇන්ජලෝ මැතිව්ස්ට

sinhala editor

උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝමැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂනික කමිටුව වෙතින් සිදුකරන ලද ප්‍රතිචාරයටද යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බැවින් ලබන බ්‍රහස්පතින්දා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය සදහා වන තේරීම් වලදී මැතිව්ස්ව සලකා බැලීමේ අවස්ථාව කණ්ඩායම් කලමනාකාරීත්වයට හිමිව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 221 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස්ව ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රතිස්ථාපන ක්‍රීඩකයා ලෙස ආදේශ කිරීම සඳහා අයි.සී.සී. තාක්ෂණික කමිටුවේ අනුමැතිය අත්‍යවශ්‍ය වේ.

මතීෂට පෙර කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට ලක්වීමත් සමග ඔහු වෙනුවට කණ්ඩායම සමග රැඳී සිටි චාමික කරුණාරත්නව ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කිරීමට තේරීම් වලදී පියවර ගනු ලැබීය. ඒ අනුව මූලික සංචිතයට චාමිකට පසුව කණ්ඩායමට පැමිණි දෙවැනි ක්‍රීඩකයා වන්නේද ඇන්ජලෝ මැතිව්ස් වේ.

දසුන් ආබාධ්‍යකට ලක්වීමත් සමඟම ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරව වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවට ගෙන්වා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගනු ලැබීය. ඒ අනුව ඔවුන් දෙපළ ඉකුත් නොවැම්බර් මස 20 වැනිදා ඉන්දියාවට පැමිණියහ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී හේමන්ග් අමීන්, එම  මෙහෙයුම් අංශ සාමාන්‍යාධිකාරී ගරුව් සක්සේනා, විස්තර විචාරකයින් වන රසල් ආනල්ඩ් සහ සයිමන් ඩූල් යන මහත්වරු එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයෝ වෙති.

මේ අතර නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී දකුණු පාදයේ වේදනාවකට ලක්ව සිටි දඟ පන්දු යවන මහීෂ් තීික්ෂණ මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටියි. ඔහුගේ ආබාධය පිළිබඳව සිදුකරන ලද එම්.ආර්. අයි. ස්කෑන් පරීක්ෂනයට අනුව ඔහුගේ තත්ත්වය එතරම් බැරෑරුම් නොවන බව පෙන්නුම් කිරීමත් සමඟ ඔහු අද චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිිදුකරන ලද පුහුණුවීම වලටද සහභාගිව සිටියේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee