slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2023
වේදනාව අතරින් පවන් ශ්‍රී ලංකා නැගීඑන පිලට තරගාවලි ජය ගෙනෙයි

sinhala editor

බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අද (22 දා) පැවැති තරගයෙන් කඩුල 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය වාර්තා කර ගැනීමට සමත්වූවේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 223 කට සීමා කිරීමට චමිඳු වික්‍රමසිංහ සහ අෂේයින් ඩැනියල් ප්‍රමුඛ ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී දැවී ගිය කඩුලු 10 න් කඩුලු 6 ක් චමිඳු සහ අෂේයින් ඩැනියල් අතර බෙදී ගියහ. ඊට අමතරව අනෙක් කඩුලු 4 නිපුන් ප්‍රේමරත්න සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුුල 2 බැගින් දවා ගත්හ.

බංග්ලාදේශ නැගීඑන පිල වෙනුවෙන් ශහාදාත් හොසේන් පන්දු 75 කදී ලකුණු 79 ක් ලබා ගත් නමුත් සෙසසු එකම පිතිකරුවකු ලකුනු 40 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවන් අතරින් ප්‍රමුඛත්වය ගත් පවත් රත්නායක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වැඩි වගකීමක් කරට ගත්තේය. අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි පවන් පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් වේගවත් ලකුණු 85 ක් ලබා ගත්තේය. ඊට අමතරව නවෝද් පරණවිතාන පන්දු 57 කදී ලකුණු 47 ක් ලබා ගනිමින් ඉනිමේ දෙවැනියට වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්වූවේය. පවන් අද දිනයේ තරගයට ක්‍රීඩා කරන ලද්දේ සිය පියාණන් අවසන් ගමන් ගොස් තිබියදී වීම විශේෂත්වකි. අද තරගයෙන් අනතුරුව පවන් තම පියාණන්ගේ සිය අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට නියමිත අතර අනතුරුව දෙරට අතර පැවැත්වෙන සිව්දින තරගාවලියේදී යළිත් කණ්ඩායම සමග එකතු වනු ඇත.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 47 කදී සියලු දෙනා දැවී ලකුණු 223 යි – (පර්වේස් එමොන් 32, ප්‍රිටම් කුමාර් 35, හසන් ජෝයි 37, ශහාදාත් හොසේන් 79, අහමඩ් ශරිෆ් 11*, චමිඳු වික්‍රමසිංහ 35/3, අෂේයින් ඩැනියෙල් 25/3, නිපුන් ප්‍රේමරත්න 39/2, විජයකාන්ත් වියස්කාන්ති 41/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 31.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 224 යි – (පවන් රත්නායක 85, ෂෙවෝන් ඩැනියල් 27, අහන් වික්‍රමසිංහ 30, සොනාල් දිනූෂ 18*, ෂෙවෝන් ඩැනියල් 27, නවෝද් පරණවිතාන 47, රිපොන් මොන්ඩොල් 43/3, රිෂාඩ් හොසේන් 41/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee