slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2023
ශ්‍රී ලංකාව කඩුලු 7කින් පැරදවූ ඇෆ්ගනිස්තානය පියවරක් ඉදිරියට

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ඇෆ්ගනිස්තානය හිමිකර ගත්තේය. මේ හේතුවෙන් තරග 6කට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය තරග 3ක් ජයගෙන ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වූ අතර, තරග 6කදී තරග දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 6 වැනි පත් වූවේය.

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වා ගැනීමට උදෙසා ඉතාම තීරණාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර. එහිදී සියලු දෙනා දැවී ලකුණු 241ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ඇෆ්ගනිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී ඇෆ්ගනිස්තාන ප්‍රහාරක පිතිකරු රහ්මනුල්ල ගුරුබාස්ගේ කඩුල්ල ලකුණු බිංදුවේදී දවා ගැනිමට සමත් විය. අනතුරුව ඉබ්‍රහිම් සද්‍රාන් හා රහම්ට් ෂා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 73ක සම්බන්ධතාවක් ගොඩනැගිමට සමත් වූ අතර, එම සබඳතාව නිමාවට පත් වූයේ ඩිල්ෂාන් මධුසංක එවූ පන්දුවකට සද්‍රාන් ලකුණු 39ක් ලබා සිටියදී ‘තර්ඩ් මෑන්‘ හී සිටි දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් දීමෙනි. ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ රහ්මට් ෂා ලකුණු 62ක් ලබා සිටියදසී කසුන් රාජිත දවාගත් අතර, එවිට ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 131ක් විය.

තරගය ජයග්‍රාහී මාවතට යොමු කළ හසිමතුල්ලා ෂාහීඩි හා අසමතුල්ලා ඔමරාසි සිවුවැනි කඩුල්ලට නොබිඳුණ ලකුණු 111ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, ෂාහීඩි හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 58ක් හා ඔමරාසි හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 73ක් ලබා සිටියහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවූ අතර ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් වෙනුවට දිමුත් කරුණාරත්න ආදේශ වුණි. දිමුත් කරුණාරත්න ඊයේ තරගයට ආදේශ කළද, ඉනිමේ 6 වැනි ඕවරය ක්‍රියාත්මකවීමේදී ඔහු ලකුණු 15කට දැවීගිය අතර, කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක දෙවැනි කඩුල්ලට ලකුණු 62ක් එක් කළහ. පිට පිට එක්දින අර්ධ ශතක 4ක් වාර්තා කොට සිටි පැතුම් නිශ්ශංක පන්දු 60කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 46ක් ලබා සිටියදී දැවීගිය අතර, කුසල් මෙන්ඩිස් පන්දු 50කදී ලකුණු 39ක් ලබා ගත්තේය. සධීර සමරවික්‍රම ලකුණු 36කට දැවි ගිය අතර, ධනංජය ද සිල්වා දඟ පන්දු යවන රෂීඩ් ඛාන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 14කට දැවී ගියේය. සියවැනි එක්දින තරගයට ක්‍රීඩා කරන රෂීඩ් ඛාන් ඊයේ දවාගත් එකම කඩුල්ල ද එය විය.

ඇන්ජලෝ මැතිව්ස් හා මහීෂ් තීක්ෂණ පන්දු 42කදී ලකුණු 45ක් 8 වැනි කඩුල්ලට එක්කළ අතර, තීක්ෂණ පන්දු 31කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 29ක්, මැතිව්ස් පන්දු 26කදී හයේ හා හතරේ පහර බැගින් එල්ලකොට ලකුණු 23ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමට තර්ජනය ගෙන ආ ෆසල්හක් ෆාරුකී ලකුණු 34කට කඩුලු 4ක් බිදහෙලීය.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ. ගුරුබාස් ප. ඔමරාසි 46
දිමුත් කරුණාරත්න ක.මු.කළා ප. ෆාරුකී 15
කුසල් මෙන්ඩිස් ඇ. නජිබුල්ලා (අතිරේක) ප. රහ්මාන් 39
සධීර සමරවික්‍රම ක.මු.කළා ප. ප. රහ්මාන් 36
චරිත් අසලංක ඇ. රෂීඩ් ප. ෆාරුකී 22
ධනංජය ද සිල්වා ප. රෂීඩ් 14
ඇන්ජලෝ මැතිව්ස් ඇ. නබී. ප. ෆාරුකී 23
දුෂ්මන්ත චමීර දුවද්දී දැවී ගියා (සද්‍රාන්) 01
මහීෂ් තීක්ෂණ ප. ෆාරුකී 29
කසුන් රාජිත දුවද්දී දැවී ගියා (ගුරුබාස්) 05
ඩිල්ෂාන් මධුෂංක නොදැවී 00
අතිරේක 11
එකතුව (ඕවර් 49.3කදී) 241

කඩුලු බිඳ වැටීම: 1-22, 2-84, 3-134, 4-139, 5-167, 6-180, 7-185, 8- 230, 9-239, 10-241

පන්දු යැවීම: මුජිබ් උර් රහ්මාන් 10 – 0 – 38 – 2, ෆසල්හක් ෆාරුකී 10 – 1 – 34 – 4, නවීන් උල් හක් 6.3 – 0 – 47 – 0, අසමතුල්ලා ඔමරාසි 7 – 0 – 37 – 1, රෂීඩ් ඛාන් 10 – 0 – 50 – 1, මොහොමඩ් නබී 6 – 0 – 33 – 0

ඇෆ්ගනිස්තානය

රහ්මනුල්ලා ගුරුබාස් ප. ඩිල්ෂාන් 00
ඉබ්‍රහිම් සද්‍රාන් ඇ. කරුණාරත්න ප. ඩිල්ෂාන් 39
රහ්මට් ෂා ඇ. කරුණාරත්න ප. රාජිත 62
හසිමතුල්ලා ෂාහීඩි නොදැවී 58
අසමතුල්ලා ඔමරාසි නොදැවී 73
අතිරේක 10 එකතුව (ඕවර් 45.2කදී කඩුලු 3කට) 242

කඩුලු බිඳ වැටීම: 1-0, 2- 73, 3- 131

පන්දු යැවීම: ඩිල්ෂාන් මධුෂංක 9 – 0 – 48 – 2, කසුන් රාජිත 10 – 0 – 48 – 1, ඇන්ජලෝ මැතිව්ස් 3 – 0 – 18 – 0, දුෂ්මන්ත චමීර 9.2 – 0 – 51 – 0, මහීෂ් තීක්ෂණ 10 – 0 – 55 – 0, ධනංජය ද සිල්වා 4 – 0 – 21 – 0,

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee