slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2023
ළහිරු කුමාරත් ආබාධිත ලැයිස්තුවට

sinhala editor

එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබේ.
එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂනික කමිටුව වෙතින් සිදුකරන ලද ප්‍රතිචාරයටද යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බැවින් ලබන සඳුදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය සදහා වන තේරීම් වලදී චමීරව සලකා බැලීමේ අවස්ථාව කණ්ඩායම් කලමනාකාරීත්වයට හිමිව තිබේ.
දසුන් ආබාධයකට ලක්වීමත් සමඟම ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරව වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවට ගෙන්වා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගනු ලැබීය. ඒ අනුව ඔවුන් දෙපළ ඉකුත් නොවැම්බර් මස 20 වැනිදා ඉන්දියාවට පැමිණියහ.අ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී හේමන්ග් අමීන්, එම  මෙහෙයුම් අංශ සාමාන්‍යාධිකාරී ගරුව් සක්සේනා, විස්තර විචාරකයින් වන රසල් ආනල්ඩ් සහ සයිමන් ඩූල් යන මහත්වරු එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයෝ වෙති.ඒ

අනුව මෙවර ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ තෙවැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාර වන අතර ඔහුට පෙර දසුන් ශානක සහ මතීෂ පතිරණ ආබාධවලට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වූහ. ඔවුන් දෙදෙනා වෙනුවට චාමික කරුණාරත්න සම ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටිති.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee