slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2023
T-10 ක්‍රිකට් වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා

sinhala editor

මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙිසිය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

මෙම තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය එම මස 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමද විශේෂත්වයකි.

තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ පිරිමි අදියර සමගාමීව ලොව සිටින සුපිරි කාන්තා ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ද කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම වේ.

ප්‍රධාන තරගාවලිය වන පිරිමි තරගාවලිය සදහා කණ්ඩායම් හයක් තරග වැදීමට ියමිතව තිබෙන අතර එම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ප්‍රකට නගර හයක් කේන්ද්‍ර කරගනිමින් සකස් කෙරෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

“ක්‍රිකට් කියන්නේ දිගින් දිගටම පිරිණාම වෙමින් පවතින ක්‍රීඩාවක්. ටී-10 කියන්නේ ඒකෙ නවතම සොයා ගැනීම. ඒ වගේම ඒක ලොව පුරා ජනප්‍රිය ආකෘතියක් බවට මේ වෙනකොට පත්වෙලා තියෙන්නේ. මෙහි කොටස්කරුවකු වීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර එය සාර්ථක ආරම්භයක් වනු ඇති බව අපෙක්ෂා කරනවා“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

තරගාවලියේ සංවිධායකයින් බවන T-Ten Sports Management ආයතනයේ ප්‍රධානී ශාජි උල් මල්ක් මහතා සඳහන් කර සිටියේ, “අපි ටී-10 නීත්‍යානුකූල ආකෘතියක් ලෙස ලොව ස්ථාපිත කරලා තියෙනවා වගේම ඒක දැන් ප්‍රසිද්ධ තරගාවලියක් බවට පත්වෙලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙම ආකෘතිය සජීවීව දැක බලා ගනිමින් ක්‍රිකට් තරුවලට ඔල්වරසන් දෙන්න අවස්ථාවක් දැන් හිමිව තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකිවීම ගැන මම සතුටට පත් වෙනවා“ යනුවෙනි.

අදාළ තරගාවලිය සදහාා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මේ වන විටත් ආරම්භකර තිබෙන අතර එය ලබන 05 වැනිදායින් අවසන් වනු ඇත. http://ttensports.com/ යන වෙබ් සබැඳිය හරහා අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචිවිය හැක.

Active filters

Recent Posts

  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest