slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2023
මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට

Sri Lanka Cricket

කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක්

මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති තරග දෙකෙන් ගාල්ල හා කොළඹ උතුර පිල ජයග්‍රහණ වාර්තා කළහ.

ගාල්ල පිල ලබාගත් මෙම ජයග්‍රහණයත් සමඟ ලකුණු සටහනේ දෙවැනි තැන සිටි මහනුවර පිල තෙවැනි තැනට පත් කරමින් ගාල්ල දෙවැනි ස්ථානය දක්වා ඉහළ ගියේය. ගාල්ල තරග 3කට මුහුණදී තරග දෙකක් ජයගෙන තරගයක් පරාජයවූ අතර, තරග 3කට සහභාගීවී අපරාජිතව සිටින කොළඹ දකුණ ලකුණු සටහනෙක් මුල්තැන සිටී.

ඩී. එස් සේනානායක පිටියේදී පැවැති මහනුවර – ගාල්ල අතර තරගයෙන් කඩුලු 8ක ජයක් ගාල්ල ක්‍රීඩකයෝ වාර්තා කළ අතර, කොළඹ රාජකීය විදුහල් පිටියේදී පැවැති කොළඹ උතුර – දඹුල්ල අතර තරගයෙන් කොළඹ උතුර පිල ලකුණු 60ක ජයක් වාර්තා කළේය.

මහනුවර – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඕවර් 47කදී ලකුණු 161කට දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල පිල ඕවර් 28. 1කදී කඩුලු 2කට ලකුණු 164ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 161 (ඕවර් 47)
ගඟන ශ්‍රී ලංකේෂ්වර 22, නෙතිල් සේනානායක 32, දිනුල් විජේසිංහ 10, පියුමික කරුණාරත්න 14, චනුල් කොඩිතුවක්කු 39, චමල්ක ඉෂාන් 23 ( තෙනූජ රශ්මින් 20/3, කවීක මධුසංඛ 32/3)

ගාල්ල පිල කඩුලු 2කට ලකුණු 164 (28. 1)
සිසුරු ජයනාද 10, අරෝෂ් සිතුමිණ 56, යසිරු ලක්ෂාන් නොදැවී 58, ලුදීෂ නිම්සර නොදැවී 15 ( ඉෂාන් ප්‍රභාගරන් 37/2)

කොළඹ උතුර – දඹුල්ල

කොළඹ උතුර – දඹුල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඕවර් 44.5කදී ලකුණු 136කට දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ඕවර් 29.1කදී සියලු දෙනා ලකුණු 76කට දැවී ගියහ.

කොළඹ උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 136 (44.5)

ජනිදු ඉඳුවර 19, දුල්නෙත් අගලවත්ත 15, ලිතුම් සෙනූජ 38, බුද්ධිම තරුපති 18 ( දම්ලත් ගමගේ 30/2, දිනෙත් සංකල්ප 23/4, ලක්ෂාන් බණ්ඩාර 24/2)

දඹුල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 76 (29.1)
මලිඳු නුවන් 17, ෂෙනොන් ප්‍රනාන්දු 11, දම්ලත් ගමගේ 13 ( සෙනිත් නෙත්සර 16/2, දසිත් පෙරේරා 9/2, දිනුජ සමරරත්න 15/4)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar