slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2023
15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි

Sri Lanka Cricket

මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණ පිල දිනා ගත්තේය. කොළඹ උතුර පිල ලකුණු 86කින් පරාජයට පත්කළ කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට දෙවැනි වරටත් මෙම ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි. ශූරතාව දිනාගත් කොළඹ දකුණ පිලට රුපියල් ලක්ෂ 4ක් හා අනුශූර කොළඹ උතුර පිලට රුපියල් ලක්ෂ 3ක මුදල් තෑගි පිරිනැමුණි.

පසුගිය වසරේ පැවැති ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ උතුර පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් කොළඹ දකුණු ක්‍රීඩකයෝ ශූරතාව දිනා තිබිණි. 

වෙළද සේවා ක්‍රිකට් පිටියේදී අද (29) පැවැති මෙවර අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනාගත් තෙවිඳු වේවැල්වල විසින් මෙහෙයවනු ලබන කොළඹ දකුණ පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 8කට ලකුණු 256ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම හඹාගිය ලිතුම් සංජුලගේ නායකත්වයෙන් තරග බිමට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයෝ ඕවර් 47.1කදී ලකුණු 170කට දැවී ගියහ.

මූලික වටයේ පැවැති තරග හතරම ජයගෙන සිටින අපරාජිත කොළඹ දකුණ පිල හා මූලික වටයේ පැවැති තරග හතරෙන් තරග දෙකක් ජයගෙන, තරගයක් පරාජයවී තරගයක් විසදුමකින් තොරව නිමා කළ කොළඹ උතුර මෙම අවසන් මහා සටනට පිවිස සිටියහ.

කොළඹ දකුණ පිලේ ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් අගනා ශතකයක් ලබා ගැනීමට සමත්වීම මේ අවසන් මහා තරගයේ කැපී පෙණෙන දක්ෂතාවක් විය. රෙහාන් පන්දු 127කදී හයේ පහර 10ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 161කදී ලකුණු 105ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලසිරු සඳකැන් පන්දු 86කදී හතරේ පහර 4ක් අන්තර්ගත කොට ලකුණු 40ක් ලබා ගත්තේය.

අනුශූරතාව දිනාගත් කොළඹ උතුර පිලේ සදීෂ් සිල්වා ලකුණු 47ක් ලබා එම පිලේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. ජනුල් දම්රු කඩුලු 2ක් බිදහෙලාගත් අතර, දුනිත අනුසාර, යසිරු ප්‍රවීන්, හිමස්රූ දේශාන්, රැසන්දු සිල්වා හා මතීෂ අපොන්සු කඩුල්ල බැගින් බිදහෙලා ගත්හ. තරගාවලියේ හොදම පිතිකරු හොදම යසිරු ලක්ෂාන් (ගාල්ල) රුපියල් 50000ක් සමග කුසලානය, හොදම පන්දු යවන්නා කොළඹ උතුරු පිලේ හිමස්රූ දේශාන් රුපියල් 50000ක් සමග කුසලානය හා දක්ෂතම ක්‍රීඩකයා අවසන් තරගයේ ශතකයක් වාර්තා කළ කොළඹ දකුණ පිලේ රෙහාන් පීරිස් රුපියල් 50000ක් සමඟ කුසලානය දිනා ගත්හ. 

 

කොළඹ දකුණ පිල කඩුලු 8කට ලකුණු 256 (ඕවර් 50)

රෙහාන් පීරිස් 129. ලසිරු සඳකැන් 40, ජේසන් ප්‍රනාන්දු 19, හිමස්රූ දේශාන් 10, අතිරේක 36 ( සෙනිත් නෙත්සර 43/2, ළහිරු ලක්මාල් 54/2, දසිත් පෙරේරා 53/2)

කොළඹ උතුරු පිල සියලු දෙනා දැවී ලකුණු 170 (ඕවර් 47.1)

කවිත්ද සිල්වා 16, සදීෂ් සිල්වා 47, යෙනුල දන්තනාරායන 23, දුල්නෙත් අගලවත්ත 11, සහන් රශ්මික 13, ළහිරු ලක්මාල් 28, අතිරේක 22 (ජනුල් දම්රු 42/2)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee