slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2023
15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි

Sri Lanka Cricket

මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණ පිල දිනා ගත්තේය. කොළඹ උතුර පිල ලකුණු 86කින් පරාජයට පත්කළ කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට දෙවැනි වරටත් මෙම ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි. ශූරතාව දිනාගත් කොළඹ දකුණ පිලට රුපියල් ලක්ෂ 4ක් හා අනුශූර කොළඹ උතුර පිලට රුපියල් ලක්ෂ 3ක මුදල් තෑගි පිරිනැමුණි.

පසුගිය වසරේ පැවැති ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ උතුර පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් කොළඹ දකුණු ක්‍රීඩකයෝ ශූරතාව දිනා තිබිණි. 

වෙළද සේවා ක්‍රිකට් පිටියේදී අද (29) පැවැති මෙවර අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනාගත් තෙවිඳු වේවැල්වල විසින් මෙහෙයවනු ලබන කොළඹ දකුණ පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 8කට ලකුණු 256ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම හඹාගිය ලිතුම් සංජුලගේ නායකත්වයෙන් තරග බිමට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයෝ ඕවර් 47.1කදී ලකුණු 170කට දැවී ගියහ.

මූලික වටයේ පැවැති තරග හතරම ජයගෙන සිටින අපරාජිත කොළඹ දකුණ පිල හා මූලික වටයේ පැවැති තරග හතරෙන් තරග දෙකක් ජයගෙන, තරගයක් පරාජයවී තරගයක් විසදුමකින් තොරව නිමා කළ කොළඹ උතුර මෙම අවසන් මහා සටනට පිවිස සිටියහ.

කොළඹ දකුණ පිලේ ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් අගනා ශතකයක් ලබා ගැනීමට සමත්වීම මේ අවසන් මහා තරගයේ කැපී පෙණෙන දක්ෂතාවක් විය. රෙහාන් පන්දු 127කදී හයේ පහර 10ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 161කදී ලකුණු 105ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලසිරු සඳකැන් පන්දු 86කදී හතරේ පහර 4ක් අන්තර්ගත කොට ලකුණු 40ක් ලබා ගත්තේය.

අනුශූරතාව දිනාගත් කොළඹ උතුර පිලේ සදීෂ් සිල්වා ලකුණු 47ක් ලබා එම පිලේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. ජනුල් දම්රු කඩුලු 2ක් බිදහෙලාගත් අතර, දුනිත අනුසාර, යසිරු ප්‍රවීන්, හිමස්රූ දේශාන්, රැසන්දු සිල්වා හා මතීෂ අපොන්සු කඩුල්ල බැගින් බිදහෙලා ගත්හ. තරගාවලියේ හොදම පිතිකරු හොදම යසිරු ලක්ෂාන් (ගාල්ල) රුපියල් 50000ක් සමග කුසලානය, හොදම පන්දු යවන්නා කොළඹ උතුරු පිලේ හිමස්රූ දේශාන් රුපියල් 50000ක් සමග කුසලානය හා දක්ෂතම ක්‍රීඩකයා අවසන් තරගයේ ශතකයක් වාර්තා කළ කොළඹ දකුණ පිලේ රෙහාන් පීරිස් රුපියල් 50000ක් සමඟ කුසලානය දිනා ගත්හ. 

 

කොළඹ දකුණ පිල කඩුලු 8කට ලකුණු 256 (ඕවර් 50)

රෙහාන් පීරිස් 129. ලසිරු සඳකැන් 40, ජේසන් ප්‍රනාන්දු 19, හිමස්රූ දේශාන් 10, අතිරේක 36 ( සෙනිත් නෙත්සර 43/2, ළහිරු ලක්මාල් 54/2, දසිත් පෙරේරා 53/2)

කොළඹ උතුරු පිල සියලු දෙනා දැවී ලකුණු 170 (ඕවර් 47.1)

කවිත්ද සිල්වා 16, සදීෂ් සිල්වා 47, යෙනුල දන්තනාරායන 23, දුල්නෙත් අගලවත්ත 11, සහන් රශ්මික 13, ළහිරු ලක්මාල් 28, අතිරේක 22 (ජනුල් දම්රු 42/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee