slc
logo
Home   |    News
නොවැම්බර් 2, 2023
ශ්‍රී ලංකාවට ලකුණු 302 ක පරාජයක්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව අද (02 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 302 ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමට තිබූ අවස්ථාව සියුම් වද්දී  ඉන්දියාව කල් තියාම අවසන් පූර්ව තරග වටයේ ස්තානය වෙන් කර ගැනීමට සමත්වූහ.

ජයග්‍රහනය සදහා ලකුණු 358 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දුවාර 19.4 කදී ලකුණු 55 කට සීමා කිරීමට මොහොමඩ් ශාමි ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. මෙම තරග පරාජය එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද දරුණුතම පරාජය ලෙසින් සනිටුහන් විය. කෙසේ වෙතත් අද ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සහිතව ජය ගැනීමට සමත් වුවද අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමට නම් සෙසු කණ්ඩායම් වාර්තා කරනු ලබන ජය පරාජයන් එහි අවසන් තීරණය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාව අද දැවී ගිය ලකුණු 55 එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර ලකුණු 55 කට දැවී ගොස් තිබුණද ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් අද දැවී ගිය ලකුණු සංඛ්‍යාව සනිටුහන් විය. එමෙන්ම එය ලොව ඕනෑම කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගාවලියකදී දැවී ගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විිය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග ඉතිහාසයේ දැවී ලද දැවැන්ත පරාජයන් අතර සිව්වැනි ස්ථානය ගනු ලැබීය. ඉදිරි පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය නිසා ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 8 ම ලකුණු 29 ක් ඇතුළත බිඳ වැටිණ. 9 වැනි කඩුල්ල සදහා එක් වුණු මහීෂ් තීක්ෂණ (12*) සහ කසුන් රජිත (14) නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම බවට පත්වීම නිසැක වනු ඇත. මොවුන් දෙදෙනා හැරුණු කොට ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූ එකම පිතිකරුවා වූයේ ඇන්ජලෝ මැතිව්ස් (12) පමණි. ඒ හැරුණු කොට ශ්‍රී ලංකා ඉනිමේ ගත කිසිවක් තිබුණේ නම් ඒ ඉන්දීය පන්දු යවන්නන් තිදෙනා වූ මොහොමඩ් ශාමි, මොහොමඩ් ශිරාජ් සහ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දු යැවීමේ දක්ෂතා පමණි.

තරගය පැවැති වැන්කඩේ තණතීරුව පළමුව පන්දුව පහර දීම යෝග්‍ය බව විස්තර විචාරකයින් පුණ පුණා සදහන් කර සිටියද ශ්‍රී ලංකාව වෙනුවෙන් කාසිය වාසිය උරගා බැලීමට පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ගේ තීරණය වූයේ ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමය. ඒ අවසරනයෙන් පිටියට පිවිසි ඉන්දියානුවෝ ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතහැර දමන ලද උඩපන්දුවල පිහිටෙන් නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 357 ක් රැස් කිරීමට සමත්වූහ.

පන්දු යැවීමේදී වේග පන්දු යවන ඩිල්ෂාන් මදුෂංක කඩුලු 5 ක් දවා ගනිමින් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඒ සමඟම මදුහංක මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළූ පන්දු යවන්නා බවට පත්වූවේය. ඔහු තරග 7 කදී මේ වන විට බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 18 කි.

ප්‍රෙව්ගකාරී පිතිහරඹයක නියැළුණු ශ්‍රෙයාස් අයියර් පන්දු 56 කදී ලකුණු 82 ක් රැස් කිරීම නිසා ඉන්දියාවට ලකුණු 350 සීමාව ඉක්මවාලීමට මඟ පෑදිණ. ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 04 ක් තිබියදී දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි පන්දු 179 කදී ලකණ 189 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. මොවුන් දෙදෙනාම පන්දුවට පහර දුන් මුල් කාල සීමාවේදී උඩ පන්දු ලබා දුන් නමුත් ඒ වාසි තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නෝ අසමත්වූහ. මෙහිදී ගිල් ලකුණු 92 ක් සහ කෝලි ලකුණු 88 ක් ලබා ගත්හ.

ඉන්දියාව පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 357 යි – (රෝහිත් ෂර්මා 04, ශුබ්මන් ගිල් 92, විරාට් කෝලි 88, ශ්‍රෙයාස් අයියර් 82, ලෝකේෂ් රාහුල් 21, සූර්යකුමාර් යාදව් 12, රවීන්ද්‍ර ජඩේජා 35, මොහොමඩ් ශාමි 02, ජස්ප්‍රිට් බුම්රා 01*, ඩිල්ෂාන් මදුශංක 80/5, දුෂ්මන්ත චමීර 71/10

ශ්‍රී ලංකාව පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ිලකුණ 55 යි – (පැතුම් නිස්සංක 00, දිමුත් කරුනාරත්න 00, කුසල් මෙන්ඩිස් 01, සධීර සමරවික්‍රම 00, චරිත් අසලංක 01, ඇන්ජලෝ මැතිව්ස් 12, දුෂාන් හේමන්ත 00, දුස්මන්ත චමීර 00, මහීෂ් තීක්ෂණ 12, කසුන් රජිත 14, ඩිල්ෂාන් මදුශංක 05, ජස්ප්‍රිට් බුම්රා 08/1, මොහොමඩ් ශිරාජ් 16/3, මොහොමඩ් සාමි 18/5, රවීන්ද්‍ර ජඩේජා 04/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee