slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2023
අර්ධ ශතක 5ක් වාර්තා වෙද්දී අන්තර් සමාජ එක්දින තරග වැස්සට සේදී යයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරග සියල්ලම ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අත්හැර දැමීමට සිදුවිය.

එහෙත් එස්එස්සී පිලේ දසුන් ශානක පන්දු 35කදී හයේ පහර 7ක් හා හතරේ පහරක් සමඟ නොදැවී වේගවත් ලකුණු 68ක් ලබාගත් අතර, තවත් අර්ධ ශතක 4ක් වාර්තා විය. කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ සනෝජ් දර්ශික නොදැවී ලකුණු 64ක්, රාගම ක්‍රිකට් සමාජයේ ජනිත් ලියනගේ ලකුණු 76ක්, එස්එස්සී පිලේ ක්‍රිෂාන් සංජුල ලකුණු 93ක් හා පානදුර ක්‍රීඩා සමාජයේ රමිදු විජේසූරිය ලකුණු 69ක් රැස් කළේය.

 

රාගම – පොලිස්

රාගම ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 248 (ඕවර් 50)

සමින්ද ප්‍රනාන්දු 48, ජනිත් ලියනගේ 76, අවිශ්ක තරිදු 32, සන්තුෂ් ගුණතිලක 17, ශෂික දිල්ෂාන් 19 ( දිලීප ජයලත් 37/2, සුපුන් මධුසංඛ 61/3, හේෂාන් ප්‍රනාන්දු 8/2)

යුද හමුදා – නුගේගොඩ

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 158 (ඕවර් 40.5)

ලක්ෂාන් එදිරිසිංහ 22, ෂෙහාන් ප්‍රනාන්දු 20, තිසර පෙරේරා 29, පැතුම් කුමාර 27 ( ළහුරු ගමගේ 22/3, චලන ද සිල්වා 33/2, දිල්ෂාන් අබේසිංහ 31/2, සුවත් මෙන්ඩිස් 42/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය කඩුලු 4කට ලකුණු 35 (ඕවර් 10)

රුමේෂ් බුද්ධික නොදැවී 10, කෙවින් පෙරේරා නොදැවී 10 ( මහීෂ් තීක්ෂණ 20/2)

 

එස්එස්සී – කැන්ඩි කසිටම්ස්

එස්එස්සී පිල කඩුලු 7කට ලකුණු 301 (ඕවර් 50)

අවිශ්ක ප්‍රනාන්දු 42, ක්‍රිෂාන් සංජුල 93, කුසල් මෙන්ඩිස් 19, නුවනිදු ප්‍රනාන්දු 36, දසුන් ශානක නොදැවී 68, නිසල තරක 17, අතිරේක 14 ( මිතුන් ජයවික්‍රම 47/3)

 

හලාවත මේරියන්ස් – එන්සිසී

හලාවත මේරියන්ස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 26 (ඕවර් 2.3)

විශ්ව චතුරග නොදැවී 23, ලසිත් ලක්ෂාන් නොදැවී 2

 

පානදුර – බීආර්සී

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 7කට ලකුණු 148 (ඕවර් 34)

රමිදු විජේසූරිය 69, යසෝද මෙන්ඩිස් 28 ( මොහොමඩ් සිරාස් 21/3, මුවින් අබිනාස් 31/2)

 

සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස්

සෙබස්තියනයිට්ස් පිල කඩුලු 5කට ලකුණු 114 (ඕවර් 35.5)

අමට්යා කාවුල් 15, ලොහාන් ද සොයිසා 23, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 38, සචිත ජයතිලක නොදැවී 21 ( අකිල ධනංජය 20/3)

කුරුණෑගල තරුණ – ටැමිල් යූනියන්

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 160 (ඕවර් 42)

සනෝජ් දර්ශික නොදැවී 64, නවීන් ප්‍රනාන්දු 44, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 21 ( දිලුම් සුධීර 35/3, කවිදු පතිරත්න 14/2)

ගුවන් – මුවර්ස්

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල කඩුලු 3කට ලකුණු 86 (ඕවර් 29.1)

කවීෂ අභිෂේක් 28, ගීත් කුමාර නොදැවි 38 ( තේෂාන් විතූෂාන් 16/2)

 

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee