හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංගගෙන් ශතකයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි එස්එස්සී ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19කින් බ්ලූම්ෆීල්ඩ් පිලට පරාජය වූ හෙයින් එස්එස්සී අපරාජිත බව බිද වැටී ගියේය. බ්ලූම්ෆීල්ඩ් හා එස්එස්සී අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ පැවැති තරගයට වර්ෂාව බාධා ගෙන දුන් හෙයින් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය සෙවීමට විනිසුරුවන්ට සිදු විය.
එස්එස්සී පිල මෙවර ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් තරග 7කට සහභාගීවී එයින් තරග 5ක් ජයගෙන තරගයක් විසදුමකින් තොරව නිමා කොට අද පැවැති තරගයේදී පරාජයට පත් විය. එහෙත් එස්එස්සී ලකුණු සටහනේ තවමත් ‘බී‘ කාණ්ඩයේ පෙරමුණේ සිටී. මෙම ජයත් සමඟ බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු සටහනේ ‘බී‘ කාණ්ඩයෙන් දෙවැනි තැනට පත් විය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු විශ්ව චතුරංග පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 93කදී හයේ පහර 6ක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 112ක් ලබා අද දිනයේ වාර්තා වූ එකම ශතකයට හිමිකම් කීය.
එමෙන්ම එන්සීසී පිලේ පැතුම් නිශ්ශංක වේගවත් ලකුණු 73ක් ලබා ගනිමින් දස්කම් දැක්වු අතර, ඒ වෙනුවෙන් පන්දු 43ක් වැය කොට හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත් විය. මෙයට අමතරව හලාවත මේරියන්ස් ක්‍රිකට් පිලේ චමෝදි සඳරු, බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංක හා මීගමුව ක්‍රිකට් සමාජයේ හිමාෂ ලියනගේ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.
බ්ලූම්ෆීල්ඩ් පිල සියලු දෙනා දැවී ලකුණු 168 (ඕවර් 41.1)
නිපුන් කරුණානායක 20, මිනෙත් ප්‍රේමරත්න 48, මනෙල්කර් ද සිල්වා 46, ළහිරු මධුසංඛ 27 (ප්‍රභාත් ජයසූරිය 21/5, චරිත් අසලංක 35/4)
එස්එස්සී පිල කඩුලු 8කට ලකුණු 132 (ඕවර් 35.5)
අව්ශ්ක ප්‍රනාන්දු 30, නිසල තාරක නොදැවී 36 ( සහන් නානායක්කාර 26/3, ජෙෆ්රි වැන්ඩර්සේ 37/2, සඳුන් වීරක්කොඩි 27/3)
එන්සීසී පිලට කඩුලු 4ක ජයක්
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය හා එන්සීසී අතර, එන්සීසී පිටියේ පැවැති තරගයෙන් එන්සීසී පිල තවත් පන්දු 149ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක ජයක් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 163 (ඕවර් 35.2)
දිනේෂ් චන්දිමාල් 21, ෂෙහාන් ප්‍රනාන්දු 18, තිසර පෙරේරා 29, අසේල ගුණරත්න 48, පැතුම් කුමාර 17, අතිරේක 16 (දුෂ්මන්ත චමීර 15/2, අශේන් ඩැනියෙල් 42/2, ලසිත් ඇඹුල්දෙනිය 43/5)
එන්සීසී පිල කඩුලු 6ක් දැවී ලකුණු 166 (ඕවර් 25.1)
නිරෝෂන් දික්වැල්ල 26, පැතුම් නිශ්ශංක 73, කමීල් මිෂාර 18, සහන් ආරච්චිගේ නොදැවී 30 (සීකුගේ ප්‍රසන්න 47/5 )
පොලිස් පිලට කඩුලු 2ක ජයක්
ටැමිල් යූනියන් හා පොලිස් ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජය තවත් පන්දු 120ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක ජයක් ලැබීය.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 111 (ඕවර් 43.2)
රොන් චන්ද්‍රගුප්ත 16, සධීර සමරවික්‍රම 17, දසිස් මංචනායක 19 (නලින් ප්‍රියදර්ශන 34/3, චතුරංග කුමාර 19/3, දිලීප ජයලත් 18/2)
පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 118 (ඕවර් 30)
චතුරංග ජයතිලක 20, චාමර සිල්වා 19, සුපුන් මධුසංඛ 16 (දිලුම් සුධීර 49/3, රවිඳු ප්‍රනාන්දු 18/3)
බීආර්සී පිලට කඩුලු 2ක ජයක්
බීආර්සී හා කැන්ඩි කස්ටම්ස් අතර බීආර්සී පිටියේ පැවැති තරගයෙන් බීආර්සී පිලට තවත් පන්දු 99ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක ජයක් හිමිවිය.
කැන්ඩි කස්ටම්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 140 (ඕවර් 29.5)
මලිඳු මධුරංග 42, ඉමාල් ලියනගේ 15, දේශාන් ඩයස් 25, තෙවිඳු දික්වැල්ල 22, ඉමේෂ් උදයංග 24 ( මුවින් අබිනාෂ් 27/5, දුෂාන් හේමන්ත 28/3)
බීආර්සී පිල කඩුලු 8ක් දැවී ලකුණු 141 (ඕවර් 33.3)
ලියෝ ෆ්‍රැන්සිස්කෝ 18, දුලාෂ් උදයංග 19, දුෂාන් හේමන්ත 15, චමීර දිසානායක නොදැවී 16 (මිතුන් ජයවික්‍රම 48/3, ඉමේෂ් උදයංග 25/2)
හලාවත මේරියන්ස්ට ලකුණු 144ක ජයක්
හලාවත මේරියන්ස් හා පානදුර ක්‍රීඩා සමාජය අතර පානදුරේදී පැවැති තරගයෙන් හලාවත මේරියන්ස් පිලට ලකුණු 144ක ජයක් හිමි විය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 281 (ඕවර් 45.5)
විශ්ව චතුරංග 112, රමේෂ් නිමන්ත 32, චමෝදි සඳරු 52, තීක්ෂල ද සිල්වා 40, අතිරේක 22 ( නිමේෂ් විමුක්ති 61/4, සිනෙත් ජයවර්ධන 48/2)
පානදුර ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 137 (ඕවර් 27.1)
විශාන් හැළඹගේ 47, නිමන්ත පීරිස් 26, නිමේෂ් විමුක්ති 27 ( තීක්ෂල ද සිල්වා 28/4, තිමිර ඉරුෂික 37/4)
කෝල්ට්ස් පිලට ලකුණු 79ක ජයක්
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් කෝල්ට්ස් පිලට ලකුණු 79ක ජයක් හිමි විය.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 197 (ඕවර් 46.4)
සංගීත් කුරේ 28, ෂෙරන් ෆොන්සේකා 33, හෂාන් දිමිදු 23, දුනිත් වෙල්ලාලගේ 21, ධනංජය ලක්ෂාන් 18, ජෙහාන් ඩානියෙල් 16, මුදිත් ලක්ෂාන් 18, අතිරේක 17 ( ලසඳ රුක්මාල් 39/2, මධුසංඛ ප්‍රේමරත්න 30/5)
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලු දෙනා දැවී ලකුණු 118 (ඕවර් 28)
චාමර ප්‍රනාන්දු 42, මොවින් සුබසිංහ 21 ( අකිල ධනංජය 46/5, දුනිත් වෙල්ලාලගේ 37/3, කවිෂ්ක අංජුල 13/2)
ඒස් කැපිටල් කඩුලු 4ක ජයක් ලබයි
බදුරලිය ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඒස් කැපිටල් පිලට ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ කඩුලු 4ක ජයක් හිමි විය.
බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 9කට ලකුණු 194 (ඕවර් 47)
අයන සිරිවර්ධන 22, අලංකාර අසංක 56, අනුක් ප්‍රනාන්දු 48, අතිරේක 31 (වනුජ සහන් 33/6)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 113 (ඕවර් 28.2)
කවිඳු ආමන්ත 45, වනුජ සහන් 33 (අලංකාර අසංක 36/4, අයන සිරිවර්ධන 18/5)
මීගමුවට කඩුලු 3ක ජයක්
සීසීසී හා මීගමුව ක්‍රිකට් සමාජය අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මීගමුව පිලට කඩුලු 3ක ජයක් හිමි විය.
සීසීසී පිල සියලු දෙනා දැවී ලකුණු 162 (ඕවර් 38)
මිනෝද් භානුක 42, ලසිත් කෘස්පුල්ලේ 18, පවන් රත්නායක 16, කමිඳු මෙන්ඩිස් 18, චතුරංග ද සිල්වා 34, ලක්ෂාන් සඳකැන් 15, අතිරේක 15 (නිශාන් පීරිස් 27/4, ජටින් සක්සේනා 20/4)
මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 165 (ඕවර් 46)
උමේෂ් ලක්ෂාන් 44, හිමාෂ ලියනගේ 54, නිෂාන් පීරිස් නොදැවී 15, අතිරේක 24 (අසිත ප්‍රනාන්දු 28/4, චතුරංග ද සිල්වා 31/2)
ගාල්ල – මුවර්ස් විසදුමක් නෑ
ගාල්ල ක්‍රිකට් සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව නිමාවට පත් විය.
ගාල්ල ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 182 (ඕවර් 45)
බුද්ධික හසරංග 36, පසිඳු මධුෂාන් 17, ඉන්ෂාක සිරිවර්ධන 38, චානක දේවින්ද නොදැවී 27, අතිරේක 21 ( තිළිණ ප්‍රෂාන් 29/3, රමේෂ් මෙන්ඩිස් 38/3)
මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 2කට ලකුණු 60 (ඕවර් 11.2)
දිනුක් දිල්ෂාන් 19, ඔමේෂ් මෙන්ඩිස් 19, පසුඳු සූරිය බණ්ඩාර නොදැවී 12 ( චානක දේවින්ද 16/2)