slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2023
මුවර්ස් – සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් ජය ලබති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18) පැවැති තරගවලදී මුවර්ස්, සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස් යන කණ්ඩායම් ජය වාර්තා කළහ.

මෙම තරගවලදී සීසීසී පිලේ ෂොනාල් දිනූෂ නොදැවී ලකුණු 80ක්, කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 51ක් හා ජෙහාන් ඩැනියෙල් ලකුණු 71ක් ගෙන අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

කොළඹ මුවර්ස් පිටියේ පැවැති මුවර්ස් පොලිස් අතර තරගයෙන් මුවර්ස් පිල කඩුලු 7ක ජයක් ලැබූ අතර, කොළඹ සීසීසී පිටියේ පැවැති සීසීසී – සෙබස්තියනයිට්ස් අතර තරගයෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ සෙබස්තියනයිට්ස් පිල ලකුණු 4ක ජයක් ලබා ගත්තේය. කෝල්ට්ස් – රාගම ක්‍රිකට් සමාජ අතර, කොල්ට්ස් පිටියේ පැවැති තරගයෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ කෝල්ට්ස් පිලට ලකුණු 66ක ජයක් අත්වෙද්දී, කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල – කුරුණෑගල අතර තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.

මුවර්ස් පිලට කඩුලු 7ක ජයක්

පොලිස් ක්‍රීඩා සමාජය‍ සියලු දෙනා දැවී ලකුණු 105 (ඕවර් 28.5)
විෂාද් රන්දික 19, චතුරංග කුමාර 37, සුපුන් මධුසංඛ 18 ( රමේෂ් මෙන්ඩිස් 23/5, මල්ෂ තරුපති 15/2)

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 3කට ලකුණු 106 (ඕවර් 23)
කවිදු කුලසේකර 18, පසිඳු සූරියබණ්ඩාර 16, ජනිෂ්ක පෙරේරා 35, රමේෂ් මෙන්ඩිස් නොදැවී 15 ( අසිත ජයවර්ධන 14/1)

සෙබස්තියනයිට්ස් පිලට ලකුණු 4ක ජයක් (ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ)

සීසීසී පිල සියලු දෙනා දැවී ලකුණු 177 (ඕවර් 35.5)
කමිදු මෙන්ඩිස් 37, ෂොනාල් දිනූෂ නොදැවී 80, චමිදු විජේසිංහ 30 ( ඉසිත දේව් විජේසුන්දර 23/4, චරිත් රාජපක්ෂ 19/2, තරිඳු රත්නායක 24/2)

සෙබස්තියනයිට්ස් පිල කඩුලු 5කට ලකුණු 114 (ඕවර් 35.5)
ලොහාන් ද සොයිසා 23, දුෂාන් විමුක්ති නොදැවී 37, සචිත ජයතිලක 23, ( අසිත ප්‍රනාන්දු 17/2)

කෝල්ට්ස් පිලට ලකුණු 66ක ජයක් (ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ)

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 8කට ලකුණු 213 (ඕවර් 39)
දුනිත් වෙල්ලාලගේ 51, ජෙහාන් ඩැනියෙල් 71, මුදිත ලක්ෂාන් 33, ෂෙරානව් ෆොන්සේකා නොදැවී 26 ( ජනිතා ලියනගේ 41/2, සංජුල බණ්ඩාර 25/2)

රාගම ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 103 (ඕවර් 27)
සමින්ද ප්‍රනාන්දු 39, අවිශ්ක තරිදු 18 ( අකිල ධනංජය 16/2)

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

USD United States (US) dollar