slc
logo
Home   |    News
දෙසැම්බර් 24, 2023
සෙබස්තියනයිට්ස් පෙරමුණට එද්දි එස්එස්සී තැන රැක ගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවැති තරගයකදී ටැමිල් යූනියන් පිල පරාජයට පත්කළ සෙබස්තියනයිට්ස් පිල ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වූවේය. මෙතෙක් ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි මීගමුව ක්‍රීඩා සමාජය අද පැවැති තරගයකදී කෝල්ට්ස් පිල හමුවේ පරාජය වු හෙයින් මීගමුව පිල ලකුණු සටහනේ දෙවැනි තැනට පත්විය.

මේ අතර, ‘බී‘ කාණ්ඩයේ පෙරමුණේ සිටි එස්එස්සී හා දෙවැනි තැන සිටි නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය අතර තරගයෙන් එස්එස්සී පිල ජයගත් හෙයින් ඔවුන් තවදුරටත් පළමු තැන තහවුරු කර ගැනීමට සමත් විය.

 

සෙබස්තියනයිට්ස් – ටැමිල් යූනියන් අතර, පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පන්දු 137ක් ඉතිරිව තිබියදී සෙබස්තියනයිට්ස් පිල කඩුලු 5ක ජයක් වාර්තා කළේය. 

 

ටැමිල් යූනියන් පිල සියලු දෙනා දැවී ලකුණු 169 (ඕවර් 42)

රොන් චන්ද්‍රගුප්ත 68, රවිඳු ප්‍රනාන්දු 52, සිතාර හපුහින්න 18 ( තරිඳු රත්නායක 28/2, තුලික දිල්ෂාන් 20/5)

 

සෙබස්තියනයිට්ස් පිල කඩුලු 5කට ලකුණු 170 (ඕවර් 27.1)

තුලින දිල්ෂාන් 32, ඉසිවර දිසානායක 25, දුෂාන් විමුක්ති 23, ප්‍රමෝද් මදුවන්ත 22, තෙවිඳු සේනාරත්න නොදැවී 29, අතිරේක 19 (දිලුම් සුධීරැ 46/3)

 

එස්එස්සී පිලට ලකුණු 6ක ජයක්

 

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය – එස්එස්සී අතර, මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ එස්එස්සී පිලට ලකුණු 6ක ජයක් අත්විය.

 

එස්එස්සී පිල සියලු දෙනා දැවී ලකුණු 152 (ඕවර් 41.5)

ධනුෂ්ක ගුණතිලක 10, කුසල් මෙන්ඩිස් 15, චරිත් අසලංක 16, නුවනිදු ප්‍රනාන්දු 50, නිසල තාරක 43 ( ළහිරු ගමගේ 29/3, චලන ද සිල්වා 22/2, සුවත් මෙන්ඩිස් 19/3)

 

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය කඩුලු 7කට ලකුණු 125 (ඕවර් 37)

රනිත් ලියනාරච්චි නොදැවී 37, කෙවින් පෙරේරා 55 (නිසල තාරක 23/3, දසුන් ශානක 31/2)

 

කෝල්ට්ස් පිලට කඩුලු 5ක ජයක්

 

මීගමුව ක්‍රිකට් සමාජය හා කෝල්ට්ස් අතර කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කෝල්ට්ස් පිලට පන්දු 31ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් අත්විය.

 

මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 160 (ඕවර් 42)

පසිදු තිරිමාදුර 61, හිමහාෂ ලියනගේ 27, නිශාන් පීරිස් 22 (දිල්ෂාන් මධුසංඛ 42/3, අකිල ධනංජය 37/3, සමුදිත ලක්ෂාන් 14/3)

 

කෝල්ට්ස් පිල කඩුලු 5කට ලකුණු 161 (ඕවර් 44.5)

යහෝධ ලංකා 19, ෂෙරාන් ෆොන්සේකා 51, හෂාන් දුමින්ද 45, දුනිත් වෙල්ලාලගේ නොදැවී 34

 

යුද හමුදාවට කඩුලු 2ක ජයක් 

 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර  ක්‍රීඩා සමාජය අතර, පානදුරේදී පැවැති තරගයෙන් පන්දු 99ක් ඉතිරිව තිබියදී යුද හමුදා පිලට කඩුලු 2ක ජයක් අත්විය.

 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 95 (ඕවර් 31)

අශාන් රන්දික 15, සීකුගේ ප්‍රසන්න 22 (හෂේන් රාමනායක 24/2, නිමේෂ් විමුක්ති 17/2, රජීව වීරසිංහ 21/3)

 

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 97 (ඕවර් 33.3 )

හෂේන් රාමනායක 23, රමින්ද විජේසූරිය 35 (සුමින්ද ලක්ෂාන් 12/3, සීකුගේ ප්‍රසන්න 13/3)

 

රාගම පිලට ලකුණු 23ක ජයක්

 

ගාල්ල ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාගම පිලට ලකුණු 23ක ජයක් හිමි විය.

 

රාගම ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 309 (ඕවර් 48)

යොහාන් ලියනගේ 58, සන්තුෂ් ගුණතිලක 61, ජනිත් ලියනගේ නොදැවී 62, අවිශ්ක තරිඳු 26, නිපුන් මාලිංග 23, අතිරේක 28 ( මිහිරංග නිම්සර ද සිල්වා 78/2, චානක දේවින්ද 55/3, තරින්ද ගුරුගේ 48/3)

 

ගාල්ල ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 286 (ඕවර් 49.2)

විශ්ව විජේරත්න 59, ඔෂධ ප්‍රනාන්දු 89, ඉරෝෂ් සමරසූරිය 84, අතිරේක 15 ( නිපුන් මාලිංග 43/2, සංජුල බණ්ඩාර 40/3)

 

මුවර්ස් පිලට කඩුලු 6ක ජයක්

 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා මුවර්ස් අතර,  කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් මුවර්ස් පිලට පන්දු 137ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක ජයක් හිමි විය.

 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 154 (ඕවර් 38.3) 

සනෝජ් දර්ශික 43, අසන්ත බස්නායක 45, අතිරේක 14 ( මිලාන් රත්නායක 30/2, ළහිරු සමරකෝන් 30/4, තේෂාන් විතූෂාන් 19/3)

 

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 4කට ලකුණු 160 (ඕවර් 27.1)

ඔමේෂ් මෙන්ඩිස් 37, ෂොහාන් ද ලිවේරා නොදැවී 50, රමේෂ් මෙන්ඩිස් 42, අතිරේක 22 (චානුක දිල්ෂාන් 32/2)

 

එන්සීසී පිලට ලකුණු 76ක ජයක්

 

එන්සීසී – කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර, එන්සීසී පිටියේ පැවැති තරගයෙන් එන්සීසී පිල ලකුණු 76ක ජයක් වාර්තා කළේය.

 

එන්සීසී පිල කඩුලු 8කට ලකුණු 320 (ඕවර් 50)

පැතුම් නිශ්ශංක 90, ළහිරු උදාර 52, කමීල් මිෂාරා 76, චාමික කරුණාරත්න නොදැවී 34 ( නිසල ආකාෂ් 77/2 මිතුන් ජයවික්‍රම 51/4 )

 

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 244 (ඕවර් 45.3)

තෙවිදු දික්වැල්ල 71, දේශාන් ඩයස් 39, හසිත නිර්මාල් 58, අතිරේක 15 ( දුෂ්මන්ත චමීර 30/2, මතීෂ පතිරණ 40/2, සහන් ආරච්චිගේ 41/3)

 

හලාවත මේරියන්ස්ට ලකුණු 29ක ජයක්

 

හලාවත මේරියන්ස් – බ්ලූම්ෆීල්ඩ් පිල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ලපැවැති තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 29ක ජයක් වාර්තා කළේය.

 

හලාවත මේරියන්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 224 (ඕවර් 49.5)

විශ්ව චතුරංග 28, රමේෂ් නිමන්ත 18, ලසිත් ලක්ෂාන් 53, චමෝද් සඳරු 23, රවීන් යසස් 54, කවිදු නිර්මාන 22 ( ළහිරු මධුසංඛ 53/2, අසිත වන්නිනායක 35/2, සහන් නානායක්කාර 49/3, ජෙෆ්රි වැන්ඩර්සේ 33/2)

 

බ්ලූම්ෆීල්ඩ් පිල සියලු දෙනා දැවී ලකුණු 195 (ඕවර් 47.3)

හසිත බෝයගොඩ 37, අසිත වන්නිනායක 48, නිපුන් කරුණානායක 29, මිනෙත් ප්‍රේමරත්න 28 ( තිමිර ඉරුෂික 40/2, පුලින තරංග 28/5, රමේෂ් නිමන්ත 28/2)

 

බදුරලියට ලකුණු 76ක ජයක්

 

බදුරලිය ක්‍රීඩා සමාජය හා බීආර්සී අතර, බීආර්සී ක්‍රීඩා පිටියේදී පැවැති තරගයෙන් 

බදුරලිය ක්‍රීඩා සමාජයට ලකුණු 76ක ජයක් හිමි විය.

 

බදුරලිය ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 217 (ඕවර් 47.3)

අයනසිරිවර්ධන 44, රනේෂ් සිල්වා 48, ෆර්විස් රසූල් 57, දුනිත් ජයතුංග 17, රොහාන් සංජය 15, අතිරේක 15 ( මොහොමඩ් සිරාස් 49/3, දුෂාන් හේමන්ත 44/3, ලක්ෂාන් ගමගේ 34/2)

 

බීආර්සී සියලු දෙනා දැවී ලකුණු 141 (ඕවර් 37.1)

ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, දුලෂ් උදයංග 60, භානුක රාජපක්ෂ 19 ( ෆර්විස් රසූල් 48/2, සසංක නිර්මාල් 25/2, නිර්මල රත්නායක 13/4)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee