slc
logo
Home   |    News
ජනවාරි 25, 2024
ලොව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයට පාත්‍ර වෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙයෙන් සම්මානයට පාත්‍ර වූවාය. ලොව ජාත්‍යන්තර පිටියේ සියලුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු එක්දින තරගවලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් මෙම උසස්ම සම්මානයෙන් පිදුම් ලැබුවාය. චමරි අතපත්තු වසර පුරා එක්දින පිටියේ නායකත්වයේ විශිෂ්ට බව ප්‍රදර්ශනය කළ අතර, පිතිකරිණියක ලෙස ද ඉදිරියෙන්ම සිටි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇගැයීමට ලක් වූවාය.

ක්‍රීඩිකාවක් සහ නායිකාවක් ලෙස ඇගේ දක්ෂතා නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකාවේ පැවැති තරගයේදී කැපී පෙණුන අතර එහිදී ශ්‍රී ලංකාව එම ද්විපාර්ශ්වික එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය. නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී පන්දු 83කදී හයේ පහර 5ක් හා හතරේ පහර 19ක් සමඟ නොදැවී ලකුණු 108ක් හා එහි අවසන් තරගයේදී පන්දු 80කදී හයේ පහර 9ක් හා හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 140ක් ලැබීමට චමරි අතපත්තු සමත් වූවාය. එම අවස්ථා දෙකේදීම ආරම්භක පිතිකාරිණිය ලෙස තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට චමරි සමත් වූවාය.

33 හැවිරිදි චමරි අතපත්තු පසුගිය වසරේ ජාත්‍යන්තර එක්දින තරග 8 කදී ලකුණු 415 ක් රැස්කරමින් සාමාන්‍ය 69.16ක් රඳවා ගත්තාය. 

මෙවර අයිසීසී දක්තම ක්‍රීඩක ක්‍රීඩිකා නාමලේඛණයේ චමරි අතපත්තු අවස්ථා 3කදී ශ්‍රී ලංකා නාමය ඉදිරියට ඔසවා තැබීම කැපී පෙණුනි. වසරේ අයිසීසී එක්දින කණ්ඩායමේ හා විස්සයි 20 කණ්ඩායමේ නායිකාව වූ චමරි, වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීම තවත් විශාල පෙරැළියකි.

චමරි අතපත්තු නායකත්වය දුන් කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇය පන්දු 50 කදී ලකුණු 68ක් ලබා දකුණු අප්‍රිකාව ලකුණු 3කින් පරාජය කිරීමට දායක වූ අතර, නවසීලන්තයට එරෙහි කොළඹ පැවැති විස්සයි 20 තරගයේදී පන්දු 47කදී නොදැවී ලකුණු 80ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ගෙනදීමට දායක වූවාය. එංගලන්තයේදී එංගලන්තයට එරෙහි විස්සයි 20 ජයග්‍රහණයට චමරිගේ දායකත්වය ද කැපී පෙණුනි. ඇය 2023 වසරේ විස්සයි 20 තරගවලදී ලකුණු 470ක් ලබා සාමාන්‍ය 130.91ක් වාර්තා කළ අතර, එම වසර තුළ චමරි හයේ පහර 15ක් සමඟින්, කාන්තා විස්සයි 20 තරඟවලදී පුද්ගලික ඉහළම ලකුණු සටහන් කළාය.

 

 

 

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar