ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද නිමාවූ තරගයකදී ගාල්ල පිල ලකුණු 235ක දැවැන්ත ජයක් වාර්තා කළේය.
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල – යාපනය පළාත් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල පළමු ඉනිමට ලකුණු 265ක් ලබාගත් අතර, යාපනය පිල පළමු ඉනිමට ලකුණු 185ක් ලැබීය. ගාල්ල දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 361ක් ලබා අත්හිටවූ හෙයින් ජයග්‍රහණය උදෙසා ලකුණු 442ක ඉලක්කයක් එල්ල වුවද යාපනය පිල දෙවැනි ඉනිම ලකුණු 206කට සීමා විය.
ගාල්ල පිල වෙනුවෙන් දෙවැනි ඉනිමේදී ලකුණු 193ක් ලැබූ ආරම්භක පිතිකරු නායක සංගීත් කුරේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. කුරේ පන්දු 271කට මුහුණදී හයේ පහර 6ක් හා හතරේ පහර 18ක් තම ඉනිමට ඇතුලත් කළේය. පළමු ඉනිමේ හා දෙවැනි ඉනිමේදී ඔෂධ ප්‍රනාන්දු අර්ධ ශතක රැස්කළ අතර, ගාල්ල පිල වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර අර්ධ ශතකයක් එක් කළේය. යාපනය පිල වෙනුවෙන් එහි නායක ධනංජය ද සිල්වා අර්ධ ශතකයක් ලැබීය. ගාල්ල පිලේ නිමේෂ් විමුක්ති ඉනිම දෙකේදීම කඩුලු 8ක් බිදහෙලා යාපනය පිලට තර්ජනයක් විය.
ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 265 (ඕවර් 89.5)
ඔෂධ ප්‍රනාන්දු 58, මොහොමඩ් ෂමාෂ් 31, විෂාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 33, නිමේෂ් විමුක්ති 25, මිලාන් රත්නායක 22, නිෂාන් පීරිස් නොදැවී 26 අතිරේක 8 (සන්තුෂ් ගුණතිලක 21/3, රවිඳු ප්‍රනාන්දු 41/2, දිලුම් සුධීර 42/1, ධනංජය ද සිල්වා 26/2)
යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 185 (ඕවර් 76.4)
නිශාන් මධුෂ්ක 49, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 39, අතිරේක 10 ( මිලාන් රත්නායක 43/3, උදිත් මධුෂාන් 49/1, නිශාන් පීරිස් 22/2, නිමේෂ් විමුක්ති 41/4)
ගාල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 361 (ඕවර් 83.1)
සංගීත් කුරේ 193, ඔෂධ ප්‍රනාන්දු 81, පසිඳු සූරියබණ්ඩාර 50, අතිරේක 9 ( සන්තුෂ් ගුණතිලක 53/2, රවිඳු ප්‍රනාන්දු 102/1, ළහිරු මධුසංඛ 26/1)
යාපනය පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 206 (ඕවර් 65)
නිපුන් කරුණානායක 42, ධනංජය ද සිල්වා 86, සන්තුෂ් ගුණතිලක 36 අතිරේක 2 ( මිලාන් රත්නායක 34/1, උදිත් මධුෂාන් 54/3, නිශාන් පීරිස් 48/2, නිමේෂ් විමුක්ති 57/4)
දඹුල්ල – මහනුවර ජය පැරදුමක් නෑ
මේ අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර – දඹුල්ල පළාත් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
කාසිය වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදි ලකුණු 311ක් රැස්කළ අතර, මහනුවර පිල පළමු ඉනිමට ලකුණු 369ක් ලබා ගත්තේය. දඹුල්ල පිල දෙවැනි ඉනිමට ලකුණු 388ක් ලබාගත් හෙයින් මහනුවර පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 331ක ඉලක්කයක් එල්ල විය. එහෙත් තරගය නිමාවෙද්දී මහනුවර පිල කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා සිටියේය.
දඹුල්ල පිල වෙනුවෙන් පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී පන්දු 276කදී හතරේ පහර 23ක් සමඟ ලකුණු 172ක් ලබා ගැනීමට සමත් විය. එයට අමතරව සොනාල් දිනූෂ ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කළ අතර, චමිඳු විජේසිංහ දඹුල්ල පිල වෙනුවෙන් අර්ධ ශතකයක් ලැබීය.
මහනුවර පිලේ පවන්ත වීරසිංහ, සිතාර ගිම්හාන හා අහන් වික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කළ අතර, එම පිලේ වනුජ සහන් ඉනිම දෙකේදීම කඩුලු 10ක් බිදහෙලීමට සමත් වූවේය.
දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 311 (ඕවර් 83)
රනේෂ් සිල්වා 32, කමිඳු මෙන්ඩිස් 73, සොනාල් දිනූෂ 82, දුෂාන් හේමන්ත 30, චමිඳු විජේසිංහ 39, අතිරේක 13 ( ළහිරු කුමාර 58/1, නිම්සර අතරගල්ල 62/1, ලසිත් ඇඹුල්දෙනිය 67/2, වනුජ සහන් 70/6)
මහනුවර පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 369 (ඕවර් 94.4)
පවන්ත වීරසිංහ 60, කසුන් විදුර 34, සහන් කෝසල 29, සිතාර ගිම්හාන 94, අහන් වික්‍රමසිංහ 75, වනුජ සහන් 29, අතිරේක 18 (චලන ද සිල්වා 58/1, මොහොමඩ් සිරාස් 56/1, මුවින් අභිනාෂ් 77/3, දුෂාන් හේමන්ත 53/2, සොනාල් දිනූෂ 33/1, කමිඳු මෙන්ඩිස් 35/2)
දඹුල්ල පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 388 (ඕවර් 102.3)
කමිඳු මෙන්ඩිස් 172, සොනාල් දිනූෂ 64, චමිඳු විජේසිංහ නොදැවී 61, අතිරේක 34 ( ළහිරු කුමාර 41/1, නිම්සර අතරගල්ල 56/1, වනුජ සහන් 82/4, අශේන් ඩැනියෙල් 88/3, කමිල් මිෂාරා 19/1)
මහනුවර පිල දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 209 (ඕවර් 77.4)
කසුන් විදුර නොදැවී 63, සහන් කෝසල 25, සිතාර ගිම්හාන 23, අශේන් ඩැනියෙල් 22, ළහිරු කුමාර නොදැවී 44 අතිරේක 10 (මුවින් අභිනාෂ් 74/2, චලන ද සිල්වා 21/1, දුෂාන් හේමන්ත 35/2, සොනාල් දිනූෂ 16/1)