slc
logo
Home   |    News
පෙබරවාරි 5, 2024
නැෂනල් සුපර් ලීග් තෙවැනි සතියේ තරගවලදී ශතක 4ක් හා අර්ධ ශතක 11ක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර තරගයෙන් මහනුවර පළාත් කණ්ඩායම කඩුලු 7කින් ජය ලබද්දී, ගාල්ල – දඹුල්ල අතර තරගයෙන් ගාල්ල පිල පළමු ඉනිමේ ජය වාර්තා කළේය.

මෙම තරග දෙකේදීම ශතක 4ක් වාර්තා වූ අතර, අර්ධ ශතක 11ක් පිතිකරුවන් ලබා ගැනීම කැපී පෙණුනි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර, තරගයේදී කොළඹ පිලේ පැතුම් කුමාර ලකුණු 101ක් හා නිපුන් ධනංජය ලකුණු 56ක්, ලක්ෂිත මානසිංහ ලකුණු 79ක් වාර්තා කළහ. එමෙන්ම මහනුවර පිලේ පැතුම් නිශ්ශංක ලකුණු 151ක් හා වනුජ සහන් ලකුණු 59ක්, කසුන් විදුර ලකුණු 76ක් වාර්තා කළහ.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල – දඹුල්ල අතර තරගයේදී ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දු ලකුණු 127ක්, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 148ක්, ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 78ක් හා ධනංජය ලක්ෂාන් ලකුණු 69ක් වාර්තා කළහ. දඹුල්ල පිලේ සනෝජ් දර්ශික පළමු ඉනිමේදී ලකුණු 63ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 58ක්, මිනෝද් භානුක ලකුණු 56ක්, පවන් රත්නායක ලකුණු 63ක් හා සොනාල් දිනූෂ ලකුණු 67ක් වාර්තා කළහ.

කොළඹ හා මහනුවර පළාත් අතර, තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 377ක් ලබාගත් අතර, මහනුවර පිල පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 320ක් ලබා ඉනිම අත්හිට වූවේය. කොළඹ පිල දෙවැනි ඉනිම ලකුණු 102කට සීමා වූ හෙයින් ජයග්‍රහණය උදෙසා ලකුණු 160ක ඉලක්කයක් එල්ල වූ අතර, කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

ගාල්ල පළාත් පිල හා දඹුල්ල පළාත් පිල අතර, තරගයේ කාසිය වාසිය දිනාගත් ගාල්ල මුලින් පන්දුවට පහරදි කඩුලු 7ක් දැවී ලකුණු 519ක් රැස්කළ අතර, දඹුල්ල පිල පළමු ඉනිමට ලකුණු 269ක් හා දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබා ගත්තේය.

කොළඹ – මහනුවර

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 377 (ඕවර් 103.4)
ක්‍රිෂාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳ ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර 101, ලක්ෂිත මානසිංහ 79, අතිරේක 24 (සිතුම් දිසාකායක 78/2, නිම්සර අතරගල්ල 72/2, වනුජ සහන් 88/3, අශේන් ඩැනියෙල් 81/2)

මහනුවර පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 320 (ඕවර් 74.1)
පැතුම් නිශ්ශංක නොදැවී 151, කසුන් විදුර 33, සිතාර ගිම්හාන 15, අහන් වික්‍රමසිංහ 21, වනුජ සහන් 59, අශේන් ඩැනියෙල් නොදැවී 14, අතිරේක 14 (ඉසිත් දේව් විජේසුන්දර 38/1, චමිඳු වික්‍රමසිංහ 36/1, නිසල තාරක 55/2, ලක්ෂිත මානසිංහ 56/1)

කොළඹ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 102 (ඕවර් 30.2)
චමිඳු වික්‍රමසිංහ 22, ලක්ෂිත මානසිංහ 29, ඉසිත් දේව් විජේසුන්දර 26 ( වනුජ සහන් 45/4, අශේන් ඩැනියෙල් 27/3, නිම්සර අතරගල්ල 26/2, සහන් ආරච්චිගේ 3/1)

මහනුවර පිල දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 160 (ඕවර් 32.1)
පැතුම් නිශ්ශංක 29, කසුන් විදුර නොදැවී 76, කමීල් මිෂාර 22, සහන් ආරච්චිගේ නොදැවී 21, අතිරේක 12 (චාමිකර එදිරිසිංහ 38/1, නිසල තාරක 25/1, ලක්ෂිත මානසිංහ 56/1)

ගාල්ල – දඹුල්ල

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 519 (ඕවර් 120)
ඔෂධ ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර 148, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 78, මොහොමඩ් ෂම්ෂා 46, ධනංජය ලක්ෂාන් 69, නිමේෂ් විමුක්ති නොදැවී 26 අතිරේක 23 (චමිඳු විජේසිංහ 49/2, සොනාල් දිනූෂ 74/1)

දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 269 (ඕවර් 99.4)
රනේෂ් සිල්වා 33, සනෝජ් දර්ශික 63, මිනෝද් භානුක 56, පවන් රත්නායක 63, සොනාල් දිනූෂ 13, දුෂාන් හේමන්ත 14, අතිරේක 15 (තිලංග උදේශ 59/1, නිෂාන් පීරිස් 72/5, නිමේෂ් විමුක්ති 48/4)

දඹුල්ල දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 253 (ඕවර් 80.3)
ලියෝ ෆ්‍රැන්සිස්කෝ 15, රනේෂ් සිල්වා 26, සනෝජ් දර්ශික58, මිනෝද් භානුක 20, සොනාල් දිනූෂ 67, දුෂාන් හේමන්ත 27, චමිඳු විජේසිංහ නොදැවී 15 (අසංක මනෝජ් 35/1, නිමේෂ් විමුක්ති 88/3, නිශාන් පීරිස් 74/3)

 

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee