slc
logo
Home   |    News
පෙබරවාරි 4, 2024
මහනුවර පිල දිනක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් ලබයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර තරගය නිමාවීමට තවත් දිනයක් ඉතිරිව තිබියදී මහනුවර පළාත් කණ්ඩායම කඩුලු 7කින් කොළඹ පිල පරාජයට පත් කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර, තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 377ක් ලබාගත් අතර, මහනුවර පිල පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 320ක් ලබා ඉනිම අත්හිට වූවේය. කොළඹ පිල දෙවැනි ඉනිම ලකුණු 102කට සීමා වූ හෙයින් ජයග්‍රහණය උදෙසා ලකුණු 160ක ඉලක්කයක් එල්ල වූ අතර, කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු ඉනිමේදී මහනුවර පිලේ පැතුම් නිශ්ශංක ශතකයක් හා වනුජ සහන් අර්ධ ශතකයක් ලැබූ අතර, දෙවැනි ඉනිමේදී කසුන් විදුර අර්ධ ශතකයක් රැස් කළේය. කොළඹ පිලේ දෙවැනි ඉනිමේ මුල් කඩුලු 6ක් ලකුණු 19කට බිද වැටුණු අතර, තරගය පුරා වනුජ සහන් කඩුලු 4ක්, අශේන් ඩැනියෙල් කඩුලු 3ක්, නිම්සර අතරගල්ල කඩුලු 2ක් හා සහන් ආරච්චිගේ කඩුල්ලක් බිදහෙලා දස්කම් දැක්වූහ. 

මේ අතර, ගාල්ල පළාත් පිල හා දඹුල්ල පළාත් පිල අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙන දඹුල්ල පිල තෙවැනි දිනය නිමාවෙද්දී ලකුණු 164ක් පිටුපසින් සිටී. තරගයේ කාසිය වාසිය දිනාගත් ගාල්ල මුලින් පන්දුවට පහරදි කඩුලු 7ක් දැවී ලකුණු 519ක් රැස්කළ අතර, දඹුල්ල පිල පළමු ඉනිමට ලකුණු 269ක් හා දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 86ක් ලබා සිටී.

කොළඹ – මහනුවර

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 377 (ඕවර් 103.4)

ක්‍රිෂාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳ ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර 101, ලක්ෂිත මානසිංහ 79, අතිරේක 24 (සිතුම් දිසාකායක 78/2, නිම්සර අතරගල්ල 72/2, වනුජ සහන් 88/3, අශේන් ඩැනියෙල් 81/2)

මහනුවර පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 320 (ඕවර් 74.1)

පැතුම් නිශ්ශංක නොදැවී 151, කසුන් විදුර 33, සිතාර ගිම්හාන 15, අහන් වික්‍රමසිංහ 21, වනුජ සහන් 59, අශේන් ඩැනියෙල් නොදැවී 14, අතිරේක 14 (ඉසිත් දේව් විජේසුන්දර 38/1, චමිඳු වික්‍රමසිංහ 36/1, නිසල තාරක 55/2, ලක්ෂිත මානසිංහ 56/1)

කොළඹ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 102 (ඕවර් 30.2)

චමිඳු වික්‍රමසිංහ 22, ලක්ෂිත මානසිංහ 29, ඉසිත් දේව් විජේසුන්දර 26 ( වනුජ සහන් 45/4, අශේන් ඩැනියෙල් 27/3, නිම්සර අතරගල්ල 26/2, සහන් ආරච්චිගේ 3/1)

මහනුවර පිල දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 160 (ඕවර් 32.1)

පැතුම් නිශ්ශංක 29, කසුන් විදුර නොදැවී 76, කමීල් මිෂාර 22, සහන් ආරච්චිගේ නොදැවී 21, අතිරේක 12 (චාමිකර එදිරිසිංහ 38/1, නිසල තාරක 25/1, ලක්ෂිත මානසිංහ 56/1)

 

ගාල්ල – දඹුල්ල

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 519 (ඕවර් 120)

ඔෂධ ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර 148, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 78, මොහොමඩ් ෂම්ෂා 46, ධනංජය ලක්ෂාන් 69, නිමේෂ් විමුක්ති නොදැවී 26 අතිරේක 23 (චමිඳු විජේසිංහ 49/2, සොනාල් දිනූෂ 74/1)

දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 269 (ඕවර් 99.4)

රනේෂ් සිල්වා 33, සනෝජ් දර්ශික 63, මිනෝද් භානුක 56, පවන් රත්නායක 63, සොනාල් දිනූෂ 13, දුෂාන් හේමන්ත 14, අතිරේක 15 (තිලංග උදේශ 59/1, නිෂාන් පීරිස් 72/5, නිමේෂ් විමුක්ති 48/4)

දඹුල්ල පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 86 (ඕවර් 29)

ලියෝ ෆ්‍රැන්සිස්කෝ 15, රනේෂ් සිල්වා 26, සනෝජ් දර්ශික නොදැවී 26, මිනෝද් භානුක නොදැවී 15 (නිමේෂ් විමුක්ති 30/1, නිශාන් පීරිස් 25/1)

 

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee