slc
logo
Home   |    News
පෙබරවාරි 27, 2024
සුපර් ලීග් එක්දින තරග දෙකකදී ලකුණු 1243ක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ඊයේ පැවැති යාපනය හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු එකක ජයක් යාපනය පිලට හිමිවූ අතර, කොළඹ – දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට සමත් වූවේය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර හා යාපනය අතර තරගයේ කාසියේ වාසිය යාපනය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, මහනුවර පළාත් පිල කඩුලු 7කට ලකුණු 359ක් රුස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ යාපනය ක්‍රීඩකයෝ කඩුලු 9කට ලකුණු 360ක් ලබා ජය වාර්තා කළහ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් කොළඹ පළාත් පිල කඩුලු 9කට ලකුණු 261ක් ලබාගත් අතර, දඹුල්ල පළාත් පිල කඩුලු 7කට ලකුණු 263ක් ලබා ජයග්‍රහණය සනිටුවහන් කළේය.

මෙම එක්දින තරග දෙකේදී කණ්ඩායම් හතරේ ක්‍රීඩකයෝ ලකුණු 1243ක් රැස් කිරීමට සමත්වීම විශේෂත්වයකි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තණතිලි පිතිකරුවන්ට පාරාදීසයක් බැවින් මෙවැනි විශාල ලකුණු ගණනක් වාර්තා කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණි. මෙහි එක් ඉනිමක ලකුණු සාමාන්‍ය 310.75ක් වැනි විශාල සංඛ්‍යාවකි.

යාපනය පිල ජය මාවතට යොමු කළ ජනිත් ලියනගේ පන්දු 106කදී හයේ පහරක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 130ක් ලබා වාර්තා වූ එකම ශතකය එක් කළේය.මහනුවර පිලේ ළහිරු උදාර, නිරෝෂන් දික්වැල්ල, කමීල් මිෂාර, සහන් ආරච්චිගේ, යාපනය පළාත් පිලේ ළහිරු මධුසංඛ, දඹුල්ල පිලේ පවන් රත්නායක, රනේෂ් සිල්වා, කොළඹ පළාත් පිලේ අවිශ්ක ප්‍රනාන්දු හා තරිඳු රත්නායක අර්ධ ශතක වාර්තා කළහ.

යාපනයට ජය

මහනුවර පළාත් පිල කඩුලු 7කට ලකුණු 359 (ඕවර් 50)
නිරෝෂන් දික්වැල්ල 53, ළහිරු උදාර 93, කමීල් මිෂාර 76, සහන් ආරච්චිගේ 73, අහන් වික්‍රමසිංහ නොදැවී 23, චාමික ගුණසේකර නොදැවී 10 ( චමත් ගෝමස් 54/2, ජෙෆ්රි වැන්ඩර්සේ 48/2)

යාපනය පළාත් පිල කඩුලු 9කට ලකුණු 360 (ඕවර් 48.5)
සඳුන් වීරක්කොඩි 14, හසිත බෝයගොඩ 47, රොන් චන්ද්‍රගුප්ත 25, ජනිත් ලියනගේ 120, ළහිරු මධුසංඛ 87, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 16, අතිරේක 20 ( චාමික ගුණසේකර 75/2, ළහිරු කුමාර 73/2, අශේන් ඩැනියෙල් 43/2)

දඹුල්ලට ජය

කොළඹ පළාත් පිල කඩුලු 9කට ලකුණු 261 (ඕවර් 50)
අවිශ්ක ප්‍රනාන්දු 53, ෂෙවෝන් ඩැනියෙල් 28, ක්‍රිෂාන් සංජුල 35, විෂාද් රන්දික 45, තරිඳු රත්නායක 55, අතිරේක 17 (චමිඳු විජේසිංහ 63/2, සොනාල් දිනූෂ 35/2)

දඹුල්ල පළාත් පිල කඩුලු 7කට ලකුණු 263 (ඕවර් 48.4)
මිනොද් භානුක 35, ලසිත් කෘස්පුල්ලේ 23, පවන් රත්නායක 90, රනේෂ් සිල්වා 50, චමිඳු විජේසිංහ 11, දුෂාන් හේමන්ත නොදැවී 21, රනිත ලියනාරච්චි නොදැවී 12 ( තරිඳු රත්නායක 39/3, දිනුර කළුපහන 23/2)

 

 

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee