slc
logo
Home   |    News
පෙබරවාරි 4, 2024
රංගිරි දඹුලු නවීනතම LED ආලෝක ධාරා පද්ධතිය ජනපති අතින් හෙට විවෘත වෙයි

Sri Lanka Cricket

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර ශ්‍රී ලංකාවේ  ප්‍රථම නවීනතම LED නව ආලෝක ධාරා පද්ධතිය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය, ජල ප්‍රතිකාර ඒකකය හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (5) පස්වරු පස්වරු 7ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විවෘත කෙරේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු, ඉඩම්, සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා,  ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරු හා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභිකයින් මෙම අවස්ථාවට සහභාගී වනු ඇත. 

මෙම විවෘත කිරීමේ උළෙලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීණ තාක්ෂණය ඔස්සේ පුහුණුවිය හැකි ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයක්, නව මාධ්‍ය මධ්‍යස්ථානයක් හා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය වැඩි දියුණු කිරීම උදෙසා මුල්ගල් තැබීමක් ද සිඳු කෙරේ.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිදුවන මෙම දැවැන්ත සංවර්ධන කටයුතු හරහා වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ කාන්තා – පිරිමි දෙඅංශයේම ක්‍රිකට් වේගවත් දියුණුවකට මුල පිරේ. එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිතව පවත්වාගෙන යන දිස්ත්‍රික්, පළාත් සහ ජාතික සුපර් ලීග් (NSL) වැනි සියලුම කණ්ඩායම්වලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණුවීමක් ද මෙමගින් සිදුවනු ඇත.

 

Active filters

Recent Posts

  • ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
    තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් දඟ […]
  • අවු. 23 න් පහළ බාළිකා විස්සයි-20 සුපර් ලීග් තරගාවලිය 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම […]
  • ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ‘Amul’ සවිය වෙයි
    ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් […]
  • දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ […]
  • පස්වන එක්දින තරගයේ ජයත් ඇෆ්ගනිස්තානයට
      ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පස්වන සහ අවසාන එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගැනීමට අද (07) ඇෆ්ගනිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee