slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2024
සඳලිගේ හා ඉමල්කාගේ වාර්තාගත ප්‍රහාරයෙන් දඹුල්ලට පිට පිට දෙවැනි ජය

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පළාත පරාජය කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ අපරාජිතව පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය. එමෙන්ම ගාල්ල පිල කඩුලු 8කින් පරාජයට පත්කල කොළඹ ක්‍රීඩිකාවෝ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද දිනයේ සමත් වූහ.

කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති මහනුවර – දඹුල්ල අතර තරගයේදී දඹුල්ල ආරම්භක පිතිකාරියන් දෙපල වූ සඳලි වීරසිංහ හා ඉමල්කා මෙන්ඩිස් එක්ව පළමු කඩුල්ලට වාර්තාගත ලකුණු 130ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනි. ප්‍රතිවාදි සියලු පන්දු යවන්නියන් තුට්ටුවකට හෝ මායිම් නොකළ සඳලි පන්දු 112කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 62ක් ලබාගත් අතර, ඉමල්කා පන්දු 76කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 61ක් දඹුල්ල පිලට එක් කළහ. මෙම තරගාවලියේ පළමු තරගයේදී ශතකලාභිනියක් වූ හර්ෂිත් සමරවික්‍රම නොදැවි ලකුණු 45ක් ලබා සිටියාය. 

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ක්‍රීඩිකාවෝ මුලින් පන්දුවට පහරදීමට මහනුවර පිලට ආරාධනා කළ අතර, එහිදී කඩුලු 7කට ලකුණු 237ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ කඩුලු 5කට ලකුණු 240ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්හ. මහනුවර පිල වෙනුවෙන් කවීෂා දිල්හාරි පිට පිට දෙවැනි අර්ධ ශතකය ලබා ගැනීම විශේෂත්වයක් විය. 

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති ගාල්ල – කොළඹ පළාත් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 132කට දැවීගිය අතර, කොළඹ පිල කඩුලු 2ක් දැවී ලකුණු 133ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය. කොළඹ පිලේ තරුෂි තත්සරණි කඩුලු 4ක්, තාරිකා සෙව්වන්දි කඩුලු 3ක් හා සචිනි නිසංසලා කඩුලු 2ක් බිඳහෙලා ගාල්ල ක්‍රීඩිකාවන්ට තර්ජනය වැඩි කළහ. කොළඹ කාන්තා පිලේ ආරම්භක පිතිකාරිණී නෙත්මි පූර්ණා අර්ධ ශතකයක් ලබමින් තම පිල ඉදිරියට රැගෙන ගියාය.

 

මහනුවර – දඹුල්ල

මහනුවර කාන්තා පිල කඩුලු 7ක් දැවී ලකුණු 237 (ඕවර් 50)

හංසිමා කරුණාරත්න 70, කවීෂා දිල්හාරි 61, අමා කාංචනා 38, විහාරා සෙව්වන්දි 11, රශ්මි සිල්වා නොදැවී 17, අතිරේක 21 ( උදේශිකා ප්‍රබෝධනී 6/1, සත්‍යා සංදීපනී 53/1, නිමේෂා මධුෂානි 32/1, සඳලි වීරසිංහ 12/1, ඉමල්කා මෙන්ඩිස් 8/1)

දඹුල්ල කාන්තා පිල කඩුලු 5ක් දැවී ලකුණු 240 (ඕවර් 47.5)

සඳලි වීරසිංහ 62, ඉමල්කා මෙන්ඩිස් 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 45, සත්‍යා සන්දීපනී 12, කෞෂනී නූත්‍යාංගනා 13, මල්ෂා ෂෙහානි නොදැවි 17 අතිරේක 23 ( අමා කාංචනා 54/1, තවීෂා දිල්හාරි 51/2)

කොළඹ – ගාල්ල

ගාල්ල කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 132 (ඕවර් 39 )

සුභද්‍රා සවනි 21, ඔෂධි රණසිංහ 13, නිලක්ෂිණා සඳමිණි 22, සුරන්ගිකා පෙරේරා 17 අතිරේක 29 ( තාරිකා සෙව්වන්දි 35/3, ඉනෝෂි ප්‍රනාන්දු 10/1, සචිනි නිසංසලා 17/2, තරුෂි තත්සරණි 34/4)

කොළඹ කාන්තා පිල 2ක් දැවී ලකුණු  133 (ඕවර් 29.5)

නෙත්මි පූර්ණා 55, ප්‍රසාදිනී වීරක්කොඩි 34, හසිනි පෙරේරා නොදැවී 22,  අතිරේක 14 ( කාව්‍යා කාවින්දි 15/1, දුලංගා දිසානායක 15/1)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee