slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2024
සුපර් ලීග් කාන්තා ශූරතාව සමඟ රු. ලක්ෂ 10ක්  දඹුල්ල පිලට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගය දඹුල්ල පළාත් පිල දිනා ගත්තේය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ අද පැවැති දඹුල්ල – කොළඹ අතර අවසන් මහා තරගයේදී දඹුල්ල පිල කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලබමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

දඹුල්ල පළාත් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කොළඹ පිලට ආරාධනා කළ අතර, එක් පිලකට ඕවර් 50කට සීමාවූ තරගයේදී කොළඹ පිල ඕවර් 25.3කදී ලකුණු 66කට සියලු දෙනා දැවී ගියහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ජයග්‍රහාහී ඉලක්කය ඕවර් 11.2කදී ඉතා පහසුවෙන් සම්පූර්ණ කළහ.

කොළඹ පිලේ බලාපොරොත්තු සුන් කරමින් පන්දු යැවූ දඹුල්ල පිලේ 17 හැවිරිදි මනුදි නානායක්කාර ලකුණු 18කට කඩුලු 5ක් බිඳ හෙලා තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ අතර, නිමේෂා මධුෂානි කඩුලු 3ක් හා සත්‍යා සංදීපනී කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූහ.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙස නොදැවී ලකුණු 130ක් සමඟ ලකුණු 188ක් ලැබූ දඹුල්ල පිලේ හර්ෂිතා සමරවික්‍රමට රුපියල් ලක්ෂ 1.5ක මුදල් ත්‍යාගය හා සම්මානය, දක්ෂතම පන්දු යවන්නිය ලෙස තරග 3කදී කඩුලු 8ක් බිඳහෙලූ කොළඹ පිලේ සචිනි නිසංසලාට රුපියල් ලක්ෂ 1.5ක වූ මුදල් ත්‍යාගය හා සම්මානය, අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි රුපියල් 7500ක මුදල හා සම්මානය දඹුල්ල පිලේ මනුදි නානායක්කාරට හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි රුපියල් ලක්ෂ 2ක ත්‍යාගය හා සම්මානය ලකුණු 72ක් හා කඩුලු 7ක් බිද හෙලූ කවීෂා දිල්හාරීට හිමි වූහ.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දඹුල්ල පිල මූලික වටයේදී 

මහනුවර පිල කඩුලු 5කින් හා ගාල්ල පිල ලකුණු 178කින් පරාජය කළ අතර, කොළඹ පිල වෙතින් මූලික වටයේදී ගාල්ල පිල කඩුලු 8කින් හා දඹුල්ල පිල කඩුලු 6කින් පරාජයට පත් කළේය.

කොළඹ පිල සියලු දෙනා දැවී ලකුණු 66 (ඕවර් 25.3)

නෙත්මි පූර්ණා 6, ප්‍රසාදිනී වීරක්කොඩි 19, රොෂිනි පෙරේරා 6, ජනාදි අනලි 14, ඉනෝෂි ප්‍රනාන්දු නොදැවී 5, අතිරේක 14 ( සත්‍යා සංදීපනී 12/2, මනුදි නානායක්කාර 18/5, නිමේෂා මධුෂානි 13/3)

දඹුල්ල පිල කඩුලු 3ක් දැවී ලකුණු 68 (ඕවර් 11.2)

සඳනි වීරසිංහ නොදැවි 18, ඉමල්කා මෙන්ඩිස් 10, හර්ෂීතා නානායක්කාර 13, මල්ෂා ෂෙහානි 10, සත්‍යා සංදීපනී නොදැවී 8, අතිරේක 9 (සචිනි නිසංසලා 20/1, ශෂිනි ගිම්හානි 12/1, තරුෂි තත්සරණි 12/1) 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee